Fury (2014) සිංහල උපසිරැසි සමඟ.



2015 වර්ශයේ පළමු දවසෙදි මම අද මේ දෙන්න සූදානම් වෙන්නේ 2014 වර්ශයේ නිකුත් වුන තවත් සුපිරි සිනමා නිර්මාණයක්, හොද කොපියක් එනකම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටියනේ එහෙනම් ඔන්න පුලුවන් ඉක්මනට මම උපසිරැසිය අරගෙන ආවා, චිත්‍රපටය දිහාට හැරෙනවානම්, මේක 2014 ඔක්තෝබර් 17 වෙනිදා ඇමරිකාවට සමගාමීව ලොව පුරා තිරගතවීම ආරම්භ කලා, එදා ඉදන් මේ වෙනකම් බොක්ස් ඔෆිස් ආදායම් ලැයිස්තුවේ ඉහලින්ම වැජබෙන්න සමත් වුන මෙය මේ දක්වා ලබා ඇති සමස්ථ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 183කට ආසන්න මුදලක් මෙහි සමස්ථ වියදම විදියට සටහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 68ක මුදලක්, ඉතින් අති සාර්ථක ලෙස ලොව පුරා තිරගත වුන මෙය අධ්‍යක්ශනය කරලා තියෙන්නේ The Fast And The furious 2001, Sabotage 2014 වගේ චිත්‍රපට අධ්‍යක්ශනය කරපු David Ayer විසින්, මෙහි රංගනය වෙනුවෙන් සුපිරි නළුවන් කීප දෙනෙක්ම දායක වෙලා තියෙනවා, ඒ අතරින් මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වන Brad Pitt විශේෂයි ඔහු world War Z වගේ සුපිරි චිත්‍රපට රැසකට තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා, මෙහි රංගනයෙන් දායක වල සෙසු නළු නිළියන් ලෙස Percy Jackson Sea Of Monsters 2013, Noah 2014 වැනි චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Logan Lorman, Transformers චිත්‍රපට මාලාව වෙනුවෙන් රංගනයෙන් දායක වුන Shia Labeouf, Night At the Museum, Snich වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන John Bernthal, Michael pena වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, මිනිත්තු 134ක් පුරා දිව යන මෙය IMDB දර්ශකයේ 7.9 වගේ ඉහල අගයක් ගන්නත් සමත්කම් දක්වලා තියෙනවා, මෙහි බෙදාහැරීමේ කටයුත්ත සිදු කරලා තියෙන්නේ පසුගියදා වැඩිම කතාබහට ලක්වුන් Sony ආයතනය යටතේ පවත්වාගෙන යන Columbia Pictures ආයතනය විසින්, ඔයාලට මීට කලින් මේකෙ හොද කොපියක් බලන්න ලැබෙන්න ඇති මොකද උතුරු කොරියාවෙන් සොනි සමාගමට එල්ල වුන සයිබර් ප්‍රහාරයේ ප්‍රතිපලයක් විදියට මේ චිත්‍රපටයේ මුල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනා, හැබැයි Sony සමාගමන්ම ඒ පිටපත් අන්තර්ජාලයෙන් ඉවත් කරන්න ඉක්මනින්ම කටයුතු සිදු කලා!


කතාව පැත්තට හැරෙනවානම් චිත්‍රපටයේ නම විදියට Fury යොදාගන්න හේතුව තමයි, මෙහි මුළු කතා පුවතම දිග හැරෙන්නේ එක්තරා යුධ ටැංකියක් නිසා වීම, මේක එසේ මෙසේ යුද ටැංකියක් නෙමේ, 1945 අවුරුද්දෙ දෙවන ලෝක සංග්‍රාමයේ උච්චතම අවස්තාව, මිත්‍ර හමුදා හැම එකෙක්ම ජර්මනිය යටත් කරගන්න ජර්මනියට ගමන් කරමින් හිටපු කාලෙ, 66වන පාබල හමුදා සේනාංකයට අනියුක්තව කපිතාන් කොලිනර් (Brad Pitt)ගේ නායකත්වයෙන් යුද්දයේ මුල් පෙලේ සටන් කරපු යුධ ටැංකියක් තමයි මේ Fury කියන්නේ, කපිතාන් කොලිනර්ගේ නායකත්වයෙන් ඔහු යටතේ තව හතරදෙනෙක් සේවය කරනවා, මේ හතරදෙනාගෙ එකමුතුවෙන් තමයි Fury මෙහෙයවන්නේ, මේ හතරදෙනා තමයි නෝර්මන්, ගෝර්ඩෝ, ග්‍රේඩි, බෝයිඩ්, හැබැයි මේ අතරේ සේවය කරන නෝර්මන් කියන්නෙ මේ කණ්ඩාමට අලුතෙන් එකතුවෙන කෙනෙක්, කපිතාන් කොල්නර්ගෙ යටතේ fury වල කලින් රිය සහයක විදියට සේවය කරපු කෙනා ප්‍රහාරයකින් මිය ගියාට පස්සෙ තමයි නෝර්මන්, fury වල රිය සහයකයා විදියට සේවය කරන්නේ, හැබැයි මෙයා හමුදාවට ආධුනික කෙනෙක්, මෙයා Fury වලට එන්න කලින් ටැංකියක් ඇතුලවත් දැකපු කෙනෙක් නෙමේ, කපිතාන් කොලිනර් කොහොමහරි තමන්ගෙ කණ්ඩයම සූදානම් කරගෙන දිගටම යුද්ධයේ ඉදිරියටම යනවා, මේ අතරේ එක දවසක් මෙයාලට වැඩක් ලැබෙනවා නාසි හමුදා ගමන් කරන මාර්ගයක් අවහිර කරන්න, මේකට Fury එක්ක තව ටැංකි හතරක් පෙරමුනේ ගමන් කරනවා, මේ අතරේ මෙයාලා බලාපොරොත්තු නොවුන විදියට නාසි හමුදාවෙ බලගතු යුධ ටැංකියක ප්‍රහාරයට නතු වෙන්න සිද්ද වෙනවා, මේ ප්‍රහාරයෙන් ඉතුරු වෙන්නේ, Fury එක විතරයි, හැබැයි කපිතාන් කොලිනර් වැඩේ අතාරින්න කැමතිත් නෑ, එහෙනම් ඉතින් මීට වඩා කතාව ගැන කියන්න යන්නේ, නෑ, කපිතාන් කොලිනර් කොහොමද මේ නාසි හමුදාවට මුහුන දෙන විදිය චිත්‍රපටය නරඹලාම දැනගන්න, මේ මිනිත්තු 134 පුරාවටම කිසිම කම්මැලිකම්ක් නැතුව චිත්‍රපටයෙන් උපසරිම රසවින්දනය ලබාගන්න පුලුවන්, යුද්ද කරන්නෙත් අපි වගේම මිනිස්සු කියන එකත් මතක තියාගෙන, යුද්දෙ වවාගෙන කන්න හදන කාලෙක යුද්ධය ගැන හොද අත්දැකීමක් ගන්න පුලුවන්! එහෙනම් මේ සුපිරි සිනමා කෘතිය රසවිදින්න කියන ඉල්ලීමත් එක්ක මම ගිහින් එන්නම්,zoom එකට වගේම zoom එකත් එක්ක ඉන්න හැම කෙනෙක්ටම ලැබුවා වු නව වසර සාමය සතුට උදාවෙන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.