Gangs of Wasseypur (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


ආයුබෝවන් යාළුවනේ!!! අද දිනේ අගෝස්තු 18 වෙනිදා. දැන් වෙලාව පාන්දර 3.00 යි. දැනුයි මම මේකේ වැඩ අහවර කලේ. මූට නං පිස්සු නේද?? මම මේකේ වැඩ පටන් ගත්තේ පහුගිය ඉරිදා (2012.08.12). හින්දි එකක් නිසා ටිකක් විතර ප්‍රමාද උනා මේක ඉවර කරන්න. ඔන්න ඉතිං අදත් මම අරගෙන ආවේ සුපිරිම ගණයේ චිත්‍රපටියක්. මේක දැනටත් බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ඉන්දියාවේ ප්‍රදර්ශනය වෙන Imdb Rating 8.6/10 අරගෙන තියෙන ෆිල්ම් එකක්. මේක මම තනියම කරපු පළවෙනි හින්දි චිත්‍රපටිය. ඒ වගේම මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීම් පාදක කරගෙන ගොඩනැගිච්ච චිත්‍රපටියක්. කතාව නම් සුපිරියටම තියෙනවා. මේකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ මනෝජ් බාච්පායි(සර්දාර් කාන් විදිහට). ඔහු මෙම චිත්‍රපටයේ සුපිරි රංගනයක නිරත වෙනවා. මම චිතුපටියේ කතාව ගැන මුකුත් කියන්නේ නෑ. කට්ටියම බාගෙනම බලන්නකෝ. ආ තව දෙයක් මේක මගේ 14 වෙනි උපසිරැසි ක්‍රියාදාමය. ලස්සනම ලස්සන ආදර කතාවක් එක්ක 15 වෙනි උපසිරැසියත් සමග හමුවෙමු. සැමට සතුටින් පිරි සති අන්තයක් වේවා!!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

No comments

Powered by Blogger.