Safe (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ

කාලයක් තිස්සේ ඔබ මේ චිත්‍රපටිය එනකම් බලන් සිටියා කියලා අනිවාර්යෙන් විශ්වාසයි.එක නිසා ඔන්න මේ සුපිරි චිත්‍රපටිය සිංහල උපසිරැසි එක්කම මම අරන් ආවා.කතාව ගැන පොඩ්ඩක් සදහන් කලොත් ලුක් රුස්සියානු මාෆියා කණ්ඩායමක් සමග ඇති කරගත් ගැටුමක් නිසා ඔහුගේ පවුලේ අයව ඔවුන් ඝාතනය කරලා දානවා.මේ නිසා ලුක් එම කල්ලිය සමග සිතේ තරහින් ඉන්න විටදි ඔහුගේ පවුලේ අය ඝාතනය කෙරු කණ්ඩායමම පොඩි ළමයෙක් පස්සෙන් පන්නගෙන යනවා දකිනවා.ලුක් කරන්නේ එම ළමයව බේර ගන්න එක.තමුන් ගේ පවුලේ අයට ලක්වුන ඉරණම මේ ළමයාට අත්කරලා දෙන්නේ නැති වෙන්න ලුක් දරණ උත්සහාය තමයි සේෆ් චිත්‍රපටිය පුරාවට ගෙතෙන්නේ.මේ ළමයා පස්සේන් මේ රැසියානු කල්ලිය පන්නන්නේ ඇයි? ලුක්ට මෙම ළමයාව ඔවුන්ගෙන් ගලවා ගැනිමට හැකිවෙයිද මේ ටික දැනගන්න මේ චිත්‍රපටිය අනිවාර්යෙන් නරඔන්න.මේක දෙන්න පොඩි කාලයක් ගියේ මේකේ හුගක් චින භාෂාවෙන් හා රැසියානු භාෂාවෙන් කතා කරන දෙබස් බොහෝ ගනනක් චිත්‍රපටිය පුරාවට තියනවා.මෙහි ඉංග්‍රිසි පිටපතේවත් මෙම ලයින් දකින්න ලැබෙන්නේ නැහැ මොකද චිත්‍රපටියට ඒ සබ් හාඩ්කොඩ් ක්‍රමයට දාලා තියන නිසා.ඒ දෙබස් වල තේරුම නැති උනොත් කතාව තේරුම් ගැනිමට අපහසු වෙන නිසා සියලු ටයිම් ලයින් මම හදලා එවා පරිවර්තනය කරලා දාලා තියනවා.මොකද උසස් රසවින්දයක් ලබා දිමට එකෙන් හැකිවෙන නිසා.එහෙනම් වැඩි කතාවක් ඕන නෑ ඊලග චිත්‍රපටිය සමගින් ආපහු ලගදිම හමුවෙමු.ඊලග චිත්‍රපටියත් ඉක්මනටම දෙන්නම් එකටත් ඔබ අනිවාර්යෙන් කැමති වෙන කතාවක් වේවි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen විසිනි

No comments

Powered by Blogger.