The Cold Light Of Day (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


විල් ෂෝ කියන්නෙ හැමෝම දන්න Wall Street වල වෙළෙන්දෙක්. ඉතා ඉහල වැටුපක් ලබන කෙනෙක්.දන්නවනෙ මෙතන වැඩ කරන අයට නිදහස කොච්චර අවමද කියල.ඉතින් එහෙම කලාතුරකින් ලබාගත්ත නිවාඩුවකට මෙයා යනවා තමන්ගෙ අම්මයි තාත්තායි ඉන්න දිහාවට. ඒ ස්පාඤ්ඤයට. ඇත්තටම හුඟක් කාලෙකින් තමන්ගෙ දරුවා මුණගැහුන නිසා මෙයාගෙ අම්මා තාත්තා හරිම සතුටු වෙනවා.නමුත් ඒ සතුට වැඩිකල් රැඳිලා තියෙන්නෙ නෑ. මෙයා සතියක නිවාඩුවකට එහෙ ගියත්, දවසක් කොහෙත්ම හිතපු නැති දෙයක් සිදුවෙනවා.ඒ විල්ගෙ අම්මවයි තාත්තවයි හිටිහැටියේ යම් කෙනෙක් විසින් පැහැර ගැනීමයි. ආපු කාරණාව පැත්තක තියලා අන්තිමේ විල්ට වෙන්නෙ තමන්ගෙ පවුලෙ අයව බේරගන්න එකයි.විල්ට උදව් කරන්න සමහරු ඉදිරිපත් වෙනවා, ඒ අතරෙ මෙතෙක් කිසිසේත් නොදැන හිටි කාරණා මොහුට දැනගන්න ලැබෙනවා.මේ උදව් දෙන්න යන අයව විශ්වාස කරන්න පුළුවන්ද? ඇත්තටම ඇයි අම්මවයි තාත්තාවයි පැහැරගත්තෙ? මේ සේරම කතාව බලන් යද්දි ඔයාට තේරෙයි. ඇත්තටම මේ අවුරුද්දෙ ආපු තවත් බලන්න වටිනා කතාවක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Ranga amarasena විසිනි

No comments

Powered by Blogger.