Velainu Vandhutta Vellaikaaran (2015) සිංහල උපසිරැසි සමගින්




Ezhil විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය කොමඩි ෆිල්ම් ගණයට අයත් වුවක්... ඒ වගේම මේක තිරඟත වෙන්න පටන් ගත්තේ 2016 ජුනි තුන්වැනිදා. ඇවිල්ලා වැඩි කාලයක් නැහැ කොහොම හරි. ප්‍ර‍ධාන චරිත ලෙසVishnu Vishal,Nikki Galrani රංඟනයෙන් දායක වෙනවා... මේ දෙන්නාම දමිළ චිත්‍ර‍පටි නරබන ඔයාලාට නම් අලුත් මුහුණු නෙමෙයි...

කතාව ගැන කිව්වොත් මුරුගන් (විෂ්නු) වැඩ කරන්නේ ඒ පලාතේ ඉන්නේ මන්ත්‍රිවරයා එක්ක. මේ මන්ත්‍රිවරයාත් බොහෝම හොද ධාර්මික හැමෝටම උදව් කරන කෙනෙක්... දිනක් කොහොම හරි ඒ පලාතේ ඉන්න ඇමතිවරයා හෘද්‍යාබාදයක් ඇවිල්ලා රෝහල් ගත කරනවා. ඉතින් මං අර කිව්ව මන්ත්‍රිවරයාත් ඔහුව බලන්න යනවා. ඇමතිතුමාත් දන්නවා තමන්ගේ වටේ ඉන්න අයට වඩා මේ මන්ත්‍රිවරයා අවංක කෙනෙක් කියලා. ඉතින් ඔහු ජිවිත කාලය පුරා හම්බකරමු කළු සල්ලි කෝටි 500ක් හංඟලා තියන තැනක් මේ මන්ත්‍රිවරයාට කියනවා. කියලා කියනවා මේ මුදල් වලින් හොද දෙයක් කරන්න කියලා. මේක ඇමතිතුමාගේ මස්සිනා අහගෙන ඉන්නවා හොරෙන්. ඔහු කල්පනා කරනවා අපිටවත් කියන්නේ නැති රහසක් කොහේවත් යන මන්ත්‍රිතුමෙක්ට කියන්නේ මොකද මන්ත්‍රිට දෙකක් ඇනලා මේ කෝටි පන්සිය තිබ්බ තැන අහගන්නවා කියලා...කොහොම හරි මන්ත්‍රිවරයාත් එයාම රිය අනතුරකට පත්වෙලා මතකයට නැති වෙලා යනවා. දැන් මේ කෝටි පන්සිය කෝ? ඒක කොහේද හංඟලා තියෙන්නේ?
මේ දේවල් මෙහෙම වෙද්දි තමයි අහම්බෙන් මෙන් මුරුගන්ට ආර්චනාව හම්බවෙන්නේ. ආර්චනාගේ තාත්තා මුරුගන් මන්ත්‍රිවරයා ගාව වැඩ කරන නිසා ලක්ෂ දහයක් ගෙනල්ලා දෙනවා තමන්ගේ දුවව පොලිසියේ තනතුරක් අරන් දෙන්න කියලා. මුරුගන් ආර්චනාට පොඩි ලයින් පාරකුත් දාන නිසා ඒක සුළු දෙයක් කියලා සල්ලිත් ඉල්ලගෙන යනවා. එත් දැන් මන්ත්‍රිවරයා ඇක්සිඩන්ට් වෙලානේ. මේ අනතුර වෙන දවසේ උදේ මුරුගන් මන්ත්‍රිතුමාට ලක්ෂ දහය දෙනවා. දැන් ඒක කොහේද කියලාත් මන්ත්‍රිට මතක නැහැ අර අනතුර නිසා. ආර්චනා කියන්නෙත් එසේ මෙසේ කෙල්ලෙක් නෙමෙයි තාත්තා මෙහෙම තමන්ට රස්සාවක් ගන්න ලක්ෂ දහයක් කෙනෙක්ට දුන්නා කියලා දැනගත්ත ගමන් මුරුගන්ව හොයන් ඇවිත් සල්ලි ඉල්ලනවා. දැන් මුරුගන් ගාව සල්ලිත් නැහැ දිපු මන්ත්‍රිට මතකත් නැහැ... ඉතින් මේ මතකය නැති වුන එකෙන් වෙන හුටපට තමයි කතා වේ තියෙන්නේ. හිනා වේවි බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි මේක... ගිහින් එන්නම් තවත් චිත්‍ර‍පටියක් අරගෙන 



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න

700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.