Ocean's Eleven (2001) සිංහල උපසිරැසි සමඟින්









සම්මාන 17කට නිර්දේෂ උන වගේම එයින් 3ක් දිනාගැනිමට සමත්වුන ඒ වගේම IMDB හි 7.8ක ඉහළම අගයක් ගත්ත චිත්‍රපටියක් තමයි අද මේ විදියට අරන් එන්නේ. ඒ වගේම ජෝජ් ක්ලූනි,ඛ්‍රැඩ් පිට් හා ජුලියා රෝබට්ස් වැනි ජනප්‍රිය නළු නිලියන් රැසයක්ම මෙහි රංඟනයෙන් දායක වෙනවා.කතාව ගැන කෙලින්ම කියන්නම් කෝ ඩැනියල් ඔෂන් නැමැති පුද්ගලයාගේ හිරෙන් නිදහස් විමෙන් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. මොහු නමගිය හොරෙක්. මොහු හිරෙන් නිදහස් වෙද්දිම අනිත් කරන්න යන මංකොල්ලකැම ගැන පැලැන් එක ගහලත් ඉවරයි. මේ පාර මොහු කොල්ලකන්න හදන්නේ විගාස් වල තියෙන කැසිනෝ ශාලාවක්. එයට ලොකු හේතුවකුත් තියෙනවා මොකද මේ කැසිනෝ එකේ අයිතිකාරයා තමයි තමන්ගේ කලින් හිටපු බිරිදව කසාද බැදලා තියෙන්නේ. ඉතින් තමන්ගේ කලින් හිටපු බිරිදට පාඩමක් උගන්වන්න හිතාගෙන තමයි ඔහු මේ වැඩේට අතහන්නේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. සල්ලිත් ලැබෙනවා තමන්ගේ කලින් බිරිදට පාඩමකුත් උගන්වනවා. මේ වැඩේට ඔහු කිපදෙනෙක්ව සහායෝගි කරගන්නවා මොකද තනියම මංකොල්ලයක් කල එක ලේසි පහසු වැඩක් වෙන්නේ නැහැනේ. අනික ආරක්ෂකයෝ ගොඩක් ඉන්න කැසිනෝ හලක්. මේ අයගේ වැඩේ සාර්ථක වේවිද කියලා ඔයාලාට ෆිල්ම් එක අරන් තමයි බලන්න වෙන්නේ. මේහි කුතුහලට වගේම ටිකක් කොමඩි පැත්තටත් බරගතියක් තියෙනවා. මේ චිත්‍රපටිය 2001 වසරේ කොතරම් සාර්ථක උනාද කියන්නේ වැඩිම ආදයම් ලබපු චිත්‍රපටිය පවා උනා. මේ නිසාම 2004 හා 2007 මෙහි තවත් චිත්‍රපටි දෙකක් නිකුත් උනා. එවාත් අරන් එන්න උත්සහා කරන්නම්කෝ. එහෙන්ම මේ චිත්‍රපටිය බලලා අදහසක් කියලා යන්න අමතක කරන්න එපා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ The New Folder විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.