American Reunion (2012) (18+ ) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම. ඉඳලා ඉඳලා සුපිරි චිත්‍රපටියකට අතගැහුවට, මේක ගැහැණු ළමයින් නම් බලන්න කැමති වෙයිද දන්නේ නෑ , අපේ කොල්ලන්ට නම් සුපිරිම චිත්‍රපටියක්. හැමෝම වගේ බලලා තියෙන American Pie චිත්‍රපට මාලාවේ අටවැන්න මෙයයි. දැනට IMDB Rating 7/10 ක් මෙය ලබාගෙන තියෙනවා. මේ වසරේ තිරගතවුණු මේ චිත්‍රපටියෙත් ඉන්නේ කලින් හිටපු කොල්ලෝ කෙල්ලෝ සෙට්එකම තමයි. හැබැයි දැන් එයාලා ලොකුවෙලා. පාසැල් කාලයේ හිටපු අයගේ නැවත හමුවීමේ සාදයකදි වෙන අපූරු සිදුවීම් මාලාවක් තමයි මේකේ වෙන්නේ. කට්ටිය ලොකු වුණත් කරන වැඩ නම් තවමත් අර පිස්සු වැඩමයි. කියන්නම ඕනේ දෙයක් තමයි, මේ චිත්‍රපටය පොඩි ළමයින්ට නම් බලන්න සුදුසු නෑ,ඇයි කියලා දන්නවනේ..කොහොම වුණත් අපේ ජීවිතයට ගන්න ඕනේ හොඳ දේවලුත් මේකේ නැතුවාම නෙමෙයි මේ චිතුපටය අවසන් වෙන්නේ, මේකෙන් චිත්‍රපට මාලාව නවතින්නේ නෑ කියන පුංචි ඉඟියත් අපිට දෙමින්. බලලා විනෝද වෙන්නකෝ...

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

No comments

Powered by Blogger.