AVP (Alien Versus Predator) [2004] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න ඉතින් මම මගේ දෙවැනි සබ් එක අරගන ආවා.මේකත් මම කැමතිම ෆිල්ම් එකක් .මේ ෆිල්ම් එක IMDB වල 88360 ක යූසර්ලා ප්‍රමාණයකින් 5.4 කට ශ්‍රේණිගත වෙලා තියනවා. ඔයාලා District 9 වලටකැමති නම් මේකටත් කැමති වෙයි.ඒ වගේම අනිවාර්යෙන් මේක අරන් බලලා ඉන්න හේතුව මම පස්සේ කියන්නම් කෝ.සමහර විට අද හෙටම දැන ගන්න පුලුවන් වේවි. මේකේ කතාව නම්, මිනිසුන් කණ්ඩායමක් පොලොව යට පිහිටි ඉතාපැරනි පිරමීඩයකට යනවා ගවේශනයකට.නමුත් ඒ එක්කම තවත් කට්ටියක් ඒ පිරමීඩයටම එනවා.ඒ එන්නේ ඒ මිනිසුන්ගේ වරදින් වෙන වැරැද්දක් හරිගස්සන්න.අවසානය දරුණු සටනක් ඇතිවෙනවා.ඒ සටනට මිනිස්සු මැදිවෙනවා.ඒ අය සටන් කරන්නේ කා එක්කද? ඒ සටනට මැදිවුණු මිනිස්සු කරන්නේ මොකක්ද?මිනිසුන් අතින් වෙන වරද කුමක්ද?ඔවුන්ට‍ නැවත මතුපිටට යාමට හැකිවෙයිද ? මේ සියල්ලට පිළිතුරු ෆිල්ම් එක බැලුවහම ලැබෙයි. ඉතින් මේ ෆිල්ම් එකත් බලලා උදව්වක් විදියට කොමෙන්ට් එකක් දාලා යන්න. දාන හැම කොමෙන්ට් එකක්ම මට ධෛර්යයක්.ඒ වගේම අර කලින් මම කිව්වා වගේම අනිවාර්යෙන් මේක නරඔලා ඉන්න හේතුව අද හෙටම කියන්නම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Indika Perera විසිනි

No comments

Powered by Blogger.