Knight And Day [2010] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



කාලේකට පස්සේ මමත් ඔන්න උපසිරැසි එකක් අරන් එන්න හිතුවා ඇත්තටම මේ චිත්‍රපටිය මට දකින්න ලැබුනේ ලගදි අහම්බෙන්.දැක්කම හිතුනා මේකට උපසිරැසි දුන්නා නම් හොදයි කියලා.මේ චිත්‍රපටියේ කොහොමත් හොද නළු නිළි යුගලයක්ම රංගනයෙන් දායක වෙනවා.IMDB හි 6.3ක අගයක් හිමිකර ගැනිමටත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා.ඇක්ෂන් හා කොමඩි පැත්තට ටිකක් නැඹුරු මේ කතාව බලලා නැත්නම් අනිවාර්යෙන් අරන් බලන්න කියලා ඉල්ලනවා.

චිත්‍රපටිය ආරම්භ වෙන්නේ ගුවන්තොටුපලක දර්ශනයකින්.රෝයි මිලර් (Tom Cruise) හා ජුන් හේවන්ස් (Cameron Diaz) එකම ගුවන් යානයේ ගමන් ගන්න ඉන්න දෙන්නෙක්.ජුන් තමන්ගේ සහෝදරියගේ කසාදයට සහාභාගි වෙන්න තමයි මේ ගමන යන්න හදන්නේ හැබැයි රොයි මිලර් යම්කිසි වෙනත් සැලැසුමක් මත තමයි යන්න හදන්නේ.මේ පෙලෙන් එකේ ගමනේදි ජුන් ට නොසිතු විරු කරදර ගොඩකට මුණ පාන්න සිදුවෙනවා.ඒ එක්කම කොහේවත් යන ප්‍රශ්යකට මැදි වෙන්නත් එයාට සිද්දවෙනවා.මේ සේරම වෙන්නේ රෝයි මිලර් නිසා.කවුද මේ රොයි මිලර් කියන්නේ හොරෙක්ද නැත්නම් ත්‍රස්තවාදියෙක්ද? ඔහුගේ මේ ප්‍රශ්නයට මැදිහත් වෙන ජුන්ට වෙන්නේ මොකක්ද? මේ සෙරම කතාව අරන් බැලුවම ඔයාට ලිහාගන්න පුලුවන් වේවි.ඒ වගේම මේක ඇක්ෂන් වගේම හොදට හිනාවේවි බලන්න පුලුවන් චිත්‍රපටියකුත් වේවි.ලගදිම තවත් චිත්‍රපටියකින් හමුවෙමු.මේ චිත්‍රපටිය ඉක්මනට ඔයාලට දෙන්න උපසිරැසි ගන්වන්න උදව් කරපු මහේෂිටත් ගොඩක් ස්තුතියි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සෙනුරි නවෝද්‍යා විසිනි


No comments

Powered by Blogger.