Kya Super Kool Hai Hum [2012] සිංහල උපශ්‍රීර්ෂ සමඟ




ඔන්න ඉතිං යාළුවනේ මගේ 17 වෙනි උපසිරැසි නිර්මාණයත් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ හදන්නේ. මෙදා පාරත් මම අරගෙන ආවේ මේ වසරේ ඉන්දියාවේ මේ වෙනකොටත් අති සාර්ථකව තිරගත වෙන සුපිරි චිත්‍රපටියකුයි. මේක පට්ටම පට්ට කොමඩියක්. මේක IMdb Rating 5.2/10 ක් අරගෙන තියෙනවා. ඉතිං මේ චිත්‍රපටියට උපසිරැසි දාන්න මම බාර අරගෙන ටිකක් කල් වෙනවා. මේ දවස් වල යෙදුන රාජකාරී බහුලත්වය නිසා තමයි වැඩේ ඉවර කරගන්න ටිකක් විතර පරක්කු උනේ. කොහොම උනත් අපේ හෙඩ්ස් නම් කොයි මොහොතකවත් මේක ඉක්මනට කරලා එවන්න කියලා මට වද දුන්නේ නෑ. ඒක ඉතිං හැමෝම දන්න දෙයක්නේ. දැන් ඉතිං මේ චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම්. මේකේ කතාව, දෙබස්,තිර රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sachin Yardi විසිනුයි. මේකේ ර්‍පධාන චරිත වලට පණපොවන්නේ ඉන්දියාවේ කොමඩි කිංලා කිහිප දෙනෙක්. ඒ තමයි අනුපම් කේර්, රිතිෂ් දේෂ්මුක් සහ තුෂාර් කපූර් ඇතුළු නළු නිළියන් කිහිප දෙනෙක්. කතාව ගැන පොඩ්ඩක් විතර කියනවා නම් ආදී (තුෂාර් කපූර්) සහ සිඩ් (රිතිෂ් දේෂ්මුක්) කියන්නේ අඹ යාළුවෝ දෙන්නෙක්. හැබැයු මුන් දෙන්නටම රස්සාවල් නෑ. ආදීගේ සිහිනය තමයි ජනප්‍රිය නළුවෙක් වෙන එක. ඒත් සිඩ් කැමති ඉන්දියාවේ ජනප්‍රිය ඩීජේ ශිල්පියෙක් වෙන්නයි. දෙන්නම එකිනෙකාගේ සිහින කරා යන අතරතුර මේ දෙන්නාට කෙල්ලෝ දෙන්නෙක් මුණ ගැහෙනවා. එක්කෙනෙක් සිම්රන් (නේහා ෂර්මා) එයාට ඇහැ ගහගෙන ඉන්නේ ආදී. අනිත් කෙනා අනූ (සාරා ජේන් ඩයස්) එයාට ඇහැගහගෙන ඉන්නේ කවුද කියලා දැන් දන්නවනේ. ඉතිං මේ දෙන්නව හමුඋනාට පස්සේ මේ දෙන්නගේ ජීවිත වලට මොනවද වෙන්නේ කියන එක ෆිල්ම් එක බාගෙනම බලන්න කියලා ආරාධනා කරනවා. ආ තව දෙයක් බොහෝවිට ඔයාලට මේ සතියේ ඉදන් මගේ තව අළුත් වැඩක් ගැන බලාගන්න පුළුවන් වෙයි. ඉතිං වෙනදා වගේම හැමෝටම මොනවා හර කොටලා යන්න කියලා ආරාධනා කරමින් තවත් සුපිරි චිත්‍රපටියක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා. සැමටම සතුටින් පිරි සති අන්තයක් වේවා!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි


No comments

Powered by Blogger.