Prometheus [2012] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ කතාවෙන් මෑතක සිදුවෙන දෙයක් නෙමෙයි පෙන්නුම් කරන්නෙ. අනාගතේදි, ඒ කියන්නෙ වර්ෂ 2050ටත් එහා කාලෙදි පිරිසකට ඕන වෙනවා දැනගන්න මිනිස්සු පැවතගෙන ආවෙ කොහොමද කියල.මේ අයට මේ ගැන අධ්‍යයනය කරන්න හිතෙන්නෙ එයාලට ලැබෙන පොඩි ඉඟියක් නිසයි.මේ උනන්දුව මේ පිරිසව විශ්වයේ අඳුරු තැන් කරා ගෙනයනවා. මේකට මේ පිරිස යොදාගන්න යානාව තමයි Prometheus කියල කියන්නෙ.මේ යානාව මෙහෙයවන්නෙ මේ පිරිසෙ ඉන්න කාන්තාවක්. ඇයට සහය වෙන්නෙ යානාව නිෂ්පාදනය කල පුද්ගලයාගෙ අණ පිළිපදින සහයක රොබෝ කෙනෙක්.මෙම යානාව අදාල කාලයේදී අදාල තැනට ගියාම තමයි සේරම පටන් ගන්නෙ. පිරිසට දකින්න ලැබෙනවා එහි සිටි ජීවීන්ගේ මලසිරුරු.ඔය අතරේ කලින් සඳහන් කල රොබෝවරයා වෙනත් මෙහෙයුමක යෙදෙනවා. ඒ මෙහෙයුම සඳහා යොදාගන්නෙත් තම පිරිසමයි.නමුත් කිසිවෙක් මේ බව දන්නෙ නෑ. මේ පිරිස ආපහු අපේ ලෝකය කරා පැමිණෙයිද කියන එක කතාව ඉවර වෙනකල්ම ප්‍රශ්නයක්.IMDB හි ප්‍රතිචාර 7.5ක්ම ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය හැමෝම අරගෙන බලන්න වටින කතාවක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි


No comments

Powered by Blogger.