Revolution (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 1 කොටස



සූම් කියන්නේ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන සමගිමත් පවුලක්. ඒ පවුල තුල තියෙන ශක්තිමත් බව නිසාම තමයි අවුරුදු දෙකකටත් අඩු කාලයක් තුලදී අපට මෙතරම් දුරක් එන්න පුළුවන් වුනේ. අපි හැමදාම කෙරුවේ අලුත් දෙයක්. මතකනේ සින්බැඩ් කතාව රුපවාහිනි විකාශනය වෙනවාට සමගාමිව අප කොටස් ඔබට සිංහල උපසිරැසි සමගින් ලබා දෙන්න කටයුතු කලා.එහෙම කලේ අනිවාර්යෙන් අපි දන්නවා ඒ වන විට අලුත්ම කොටසක් එන නිසා ඔබ එය නරඔලා නැති බැවින් ඔබට සිංහල උපසිරැසිව සහිතව ලැබෙන්නේ අලුත්ම කොටසක් මිස අන්තර්ජාලයේ කලින් මාස ගණනාවකට ඉහතදි පලවු කොටසක් නොවන නිසා.අපි හැමදාම රසිකයින්ගේ අදහස් වලට ගරු කෙරුවා. ඒ වගේම ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කෙරුවා.හ් නිසයි ප්‍රථම වතාවට ඔබ කැමති චිත්‍රපටි උපසිරැසි ගැන්විම සදහා ඒ සදහා වෙන්වු ත්‍රේඩ් එකක් පවා පල කර එයින් ඔබගේ ඉල්ලිම් ඉටුකරණු ලැබුවා.අද තවත් එවැනිම ඉල්ලීමක් ඉටු කරන්නයි හදන්නේ. දැනට රුපවාහිනියේ විකාශය වන සින්බෑඩ් රුපවාහිනි කතාමාලාව තුලින් රුපවාහිනි කතාමාලා සඳහා උපසිරැසි යෙදීම ආරම්භ කෙරූ අපි අද එවැනිම අලුත්ම අලුත් රුපවාහිනී කතා මාලාවකට උපසිරැසි දීමටයි මේ වෑයම් කරන්නේ. මේ සඳහා සෑම සතියකම හවසට අප උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයින් ඔබට අලුත්ම කොටසේ උපසිරැසියත් සමඟම රුපවාහිනී කතාමාලාව රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෑම කොටසකටම අදාළ ඩිරෙක් ලින්ක්ස් mediafire තුලින් සහ අප විසින්ම සකසන ලද අඩු ධාරිතාවෙන් සහ වැඩි ගුණාත්මක බවින් යුත් ටොරන් මේ සඳහා ලබාදෙනවා. 

දවසක මේ මුළු පෘතුවියේම විදුලිබලය ඇනහිටියොත් මොකද වෙන්නේ ? හිතාගන්න පුළුවන්නේ නේද ? මෙම කතා මාලාවේ තේමාව වෙන්නේ අන්න ඒ කාරණාවයි. කතාව ගැන හැඳින්වීමක් කෙරුවොත්, මෙය විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරනයටයි අයිති වෙන්නේ. එක් දිනක් රාත්‍රියක මුළු ලෝකයේම විදුලිය බිඳවැටීමක් සිදුවෙනවා. විදුලිය ආධාරයෙන් ක්‍රියා කරන සියලුම යන්ත්‍ර සුත්‍ර ක්‍රියාවිරහිත වෙනවා. අඩුම තරමේ බැටරියක් වත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. නමුත් මේ සිදුවීම සිදුවෙන මොහොතේ රාත්‍රියේ එකතරා පුද්ගලයෙක් යම්කිසි වැඩසටහනක් USB මෙමරියකට බාගත කිරීමක් කරනු ලබනවා. එම මොහොතේම ඔහු විසින් මෙම සිදුවීම තම සහෝදරයාට දුරකතනයෙන් කියන අවස්ථාවේදී විදුලිය බිඳ වැටීම සිදුවෙනවා. සියලුම වාහන ක්‍රියා විරහිත වෙනවා. ගුවන් යානා කඩා වැටෙනවා. මේ සියලු සිදුවීම් මැද, මෙම කතාව අවුරුදු 15ක් ඉදිරියට දිවයනවා. මුළු ලෝකයම පැරණි ක්‍රමයට ඉටිපන්දම් එළියෙන් රැය ගතකරන්න පුරුදු වෙනවා. වගා කරමින් තම ජීවිතය සරල කරගනිමින් ජිවත් වෙනවා. මේ අතරතුර අර කලින් කියූ පුද්ගලයාව සොයා යම්කිසි කණ්ඩායමක් පැමිණෙනවා. මීට එහා කතාව කියන්න යන්නේ නැහැ. මෙය ඇත්තටම තවමත් රුපවාහිනිය තුල විකාශනය වෙලා නැහැ. මෙය nbc නාලිකාවේ විකාශය වීමට නියමිතව තියෙන්නේ මේ මස 17 වෙනිදටයි. නමුත් මුල් කොටස ඔවුන් විසින් අන්තර්ජාලයට ඔවුන්ගේ වෙබ් අඩවිය සහ iTunes ඔස්සේ ලබාදී තිබුනා. මෙය නිර්මාණය කරලා තියෙන්නේ Eric Kripke විසිනි. ඔහු තමයි ලොව පුරා ඉමහත් අයුරින් ජනප්‍රියවුනු Supernatural රූපවාහිනී කතා මාලාවේත් නිර්මාපකයා. ඒ වගේම මෙහි විධායක නිෂ්පාදක වෙන්නේ Super 8, Mission: Impossible - Ghost Protocol, Alcatraz, Fringe, Lost, නිර්මාණ රැසක් දායාද කල J.J. Abrams.

අද කොටසේ සිංහල උපසිරැසි ගෙන ආ උපසිරැසි කණ්ඩායමේ , සුරංග වන්නි සහ නවින් රන්දිකට ස්තූතියි වෙමින් ලබන සතියේ සිට අලුත්ම කොටසක් සිංහල උපසිරැසිත් සමඟ ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මේ අලුත්ම රූපවාහිනී කතා මාලාව ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni සහ Naveen විසිනි

3 comments:

  1. මාස ගානක් කලින් නිකුත් උනත් හොද එකක් නම් ඒකට උපසිරස ගැන්විය යුතුයි..අලුතෙන්ම එන දේ හොදය කියන්න හැකියාවක් නෑ..තවමත් කට්ටිය කතා කරන්නේ ප්‍රිසන් බ්‍රේක් වගේ පැරණි කතා මාලාවන් ගැන..
    ඒක නිසා නිතරම පරණ දේට ගරු කරන්න ඒ දේවල් නිසා තමයි අද මේ තත්වේ හැදිලා තියෙන්නේ..
    ඔබලාගේ සයිට් එකේ ඔය සිතුවිලි වෙනස් කර ගන්න පැරණි දේට තැන දෙන්න..

    ReplyDelete
  2. අදහසට හුඟක් ස්තුතියි.
    සූම් ඒක කියන්නේ හැමදාම ඔයාලගේ අදහස් වලට ගරු කරන තැනක්.Revolution එකේ WEB_DL එකක් නිකුත්වුනු ගමන්ම තමයි අපෙන් හුඟ දෙනෙක් මේකට සබ් දෙන්න පුලුවන්ද කියල ඇහුවේ. ඒ නිසා තමයි අපි සබ් එකක් දුන්නේ.

    අනිත් කරණය තමයි අපි පරණ ඒවාට සබ් දෙන්නේ නැහැ අලුත් ඒවාට විතරයි සබ් දෙන්නේ කියල.
    ඔයාට හෙට අනිද්දට වගේ මේ පැත්තේ ඇවිල්ල ගියොත් ඔය ප්‍රශ්නෙට ලස්සන පිළිතුරක් බලාගන්න පුළුවන් වෙයි.

    Anonymous වෙන්නේ නැතිව හැකිතාත් තමන්ගේ අනන්‍යතාවත් එක්ක කමෙන්ට් දානවානම් අපි හුඟක් කැමතියි.

    ReplyDelete
  3. මොනවා වුනත් මහන්සියෙන් සිංහල subs යොදල දෙනවට ගොඩක් ස්තුතියි.....!!!!!

    ReplyDelete

Powered by Blogger.