Revolution (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 2 කොටස



ඔන්න පොරොන්දු වුනු විදියටම Revolution කතා මාලාවේ දෙවෙනි කොටසත් සිංහල උපසිරසි සමඟ අරගෙන ආවා. ඇත්තටම මුල් කොටස නොහිතපු අයුරින් 3000 කට අසන්න දෙනෙක් බාගත කරලා තියෙනවා කියන්නේ, අනිවාර්යෙන් මේ අලුත් කතා මාලාව සැහෙන්න පිරිසකගේ කැමැත්තට ලක්වෙලා වගේ. මේ කොටසේ පිටපතක් සහ උපසිරසි ගොනුවක් නිකුත්වුනේ අද උදේ 10.30 ට වගේ, ඉතින් කොහොම හරි ඔයාලා වෙනුවෙන් ඉක්මනටම මේක කරලා දෙන්න පුලුවන් උනා.

හරි අද දෙවෙනි කොටසේ කතාව ගැන කියුවොත් චාර්ලි සහ මයිල්ස් ඇතුළු පිරිස චාර්ලි ගේ මල්ලිව වන ඩැනිව සොයාගෙන යන ගමන අතරතුර සිදුවන සිදුවීම් මාලාවක් තමයි අද කතාවේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම අද කතාව තුලින් චාලිගේ මව ගැන සහ අර පෙන් ඩ්‍රයුව් එක ගැනත් විස්තර දැනගන්න පුළුවන් වෙනවා. ටෙලි නාට්‍ය කතාවක් නිසා වැඩිය විස්තර කියන්න යන්නේ නැහැ. මොකද විනාඩි 45ක කතාවක් නිසා ඒ ටික කියුවොත් එහෙම ඒක අනිවාර්යෙන් රසවින්දනයට බාදාවක් වෙනවාමයි. එහෙනම් උපසිරසි බාගත කරලා ලස්සන කමෙන්ට් එකකුත් දාන්න කියලා ආරාදනා කරනවා.

ඒ වගේම අපේ අලුත් සංකල්පයකට අනුව මෙම කොටසත් කෙලින්ම ඔබට අපේ සර්වරය තුලින් කිසිම ගැටළුවක් නොමැතිව උපරිම වේගයකින් බාගත කරගන්න පුළුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

No comments

Powered by Blogger.