Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 10 කොටස


ඔන්න නොකඩවා රැගෙන එන සින්බෑඩ් කතා මාලාවේ දහවෙනි කොටසත් අරගෙන ආවා. ගිය සතියේ කතාවේ සින්බෑඩ් ඇතුළු කණ්ඩායමට එකතුවුණු ටයිගර් කියන කුලියට මිනිසුන් අල්ල දෙන කෙනා, මේ සතියේ කොටසින් නැවේ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පුගලයින් හමුවෙනවා. එ අතර තමයි ඔවුන්ට මහාචාර්ය වරියක්ව හමුවෙන්නේ. ඇය ඉතා ඉහල ගෙවීමක් කරලා මේ නැවේ එක් රහසිගත දුපතකට යාමට අවශ්‍ය බව පවසනවා. එ අතරම ඇයට ඉතා විශාල බිත්තරයක හැඩය ගත් භාණ්ඩයකුත් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වෙනවා. හැබැයි මේ භාණ්ඩය එහෙ මෙසේ දෙයක් නෙමෙයි. කෙසේ හෝ සිදුවන අතපසු වීමකින් මේ බිත්තරයක් වැනි හැඩයට තියෙන අවරණය නැව තුලදී බිඳී යනවා. එ බිත්තරය ඇතුලේ ඉන්නේ කිනම් වර්ගයේ සත්වයෙක්ද ? කතාව බාගත කරලම බලන්න එහෙනම්.

විශේෂ දෙයක් තියෙනවා. මෙතුවක් කල් අපි විසින් ටීවී කතා මාලා වෙනුවෙන් ලබාදුන් ඩිරෙක්ට් ලිනක්ස් වෙනුවට, මේ සතියේ සිට අපි විසින් අපේම වෙබ් අඩවියෙන්ම එම කතා මා ලා ඔබට කෙලින්ම බාගත කිරීමට හැකියි. 


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

No comments

Powered by Blogger.