Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 11 කොටස



ඔන්න මේ සතියෙත් එක දිගට අපි රැගෙන එන සිම්බෑඩ් ටෙලිනාට්‍ය කතා මාලාවේ එකොලොස්වන කොටසත් රැගෙන ආවා. මේ සතියේ සින්බෑඩ් ඇතුළු කණ්ඩායම, සින්බෑඩ් ගේ මියගිය සොහොයුරා ව සොයා ගැනීම සඳහා මළවුන්ගේ දේශයට යෑමට සිතියම සොයාගෙන එක්තරා ගොඩබිමකට යනවා. මේ සිතියම තියෙන්නේ එක්තරා ආරාමයක පැවිදි කෙනෙක් ලඟයි. නමුත් ඔහු මරණාසන්නව සිටින්නේ. එ වගේම එම දුපත තුල අමුතු ආකාරයේ මිනී මැරුම් රැසක් සිදුවෙනවා. මේ දේවල් වලට වගකිවයුත්තා කියලා ගුනාර් ව සිරගත කරනවා. සින්බෑඩ් ට සිතියම සොයා ගන්න පුළුවන් වෙයිද ? ගුනාර්ව බේරා ගන්න පුළුවන් වෙයිද ?

එහෙනම් කොටස් දොළහකින් සමන්විත සිම්බෑඩ් ටෙලිනාට්‍ය මාලාවේ පළමුවෙනි අදියරයේ අවසාන කොටසත් රැගෙන ලබන සතියේ මුණගැහෙමු. ඒ වගේම සුප්‍රසිද්ද Harry Potter චිත්‍රපටි මාලාවේ ජනප්‍රිය නිලි Evanna Lynch ලබන සතියේ කොටසින් රංගනයට දායක වෙනවා. කවුද කියල මතක නැතිනම් බැනර් එක බලන්න, එතකොට මතක් වෙයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

No comments

Powered by Blogger.