Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 12 කොටස



ඔන්න එහෙනම් සති 12ක් නොකඩවා අපි රැගෙන ආ සින්බෑඩ් ටෙලිනාට්‍ය මාලාවේ අවසාන කොටසට තමයි එළඹිලා තියෙන්නේ. මම හිතන්නේ අන්තර්ජාලය තුල මුල්ම වතාවකට තමයි මේ මුළු කතා මාලාවක්ම සිංහල උපසිරසි කරණයට ලක්කරපු. ඒකත් රුපවාහිනියේ විකාශනයට සමගාමීව. මුලින් මේ වැඩේ කරන්න පටන් ගත්තට ඇත්තටම ලොකු ගැටලුවන් වුනා කාලය යෙදවීම පිළිබඳව. මොකද අලුත් කොටසකට උපසිරසි ලබාදෙන්න දවස් දෙකක් වගේ කාලයක් තමයි ලැබෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට අපේ ඇඩ්මින් සහෝගේ කාර්ය බහුලත්වයත් නිසා මේ සඳහා බැනර් බොහොමයක් නිර්මාණය වුනේ මගේ අතින්. නමුත් අවසානයේ මෙහි අවසාන කොටස දක්වා සාර්ථකව උපසිරසි යෙදීමට හැකිවීම ගැන හිතනකොට ඇත්තටම නිහතමානි සතුටක් සතුටක් දැනෙනවා. ඒ වගේම මේ කොටසත් සමග මම විසින් කරන ලැබූ උපසිරසි ප්‍රමාණය 45ක් වෙනවා.

මුලින්ම මේ කොටස් වලට අදාල උපසිරසි ගොනු බාගත කරපු හැම දෙනෙක්ට වගේම fb හරහා, PM හරහා සහ ඊ-මේල් හරහා අදහස් දක්වපු හැම දෙනෙක්ටම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම මගේ අදහසකට අනුව අපේ සර්වර් එකෙන්ම ටෙලිනාට්‍ය කොටස් බාගත කිරීමට සලස්වපු ඇඩ්මින් සහෝදරයාටත් ස්තුතියි වන්ත වෙනවා. 

එහෙනම් අවසාන කොටසත් බලලා මේ ටෙලිනාට්‍ය මාලාව සහ එහි උපසිරසි කරණය ගැන ඔබට හිතුන දේ අකුරු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මීට පස්සේ මට පුද්ගලිකව මේල් කරන ඊ මේල් සඳහාත් හැකි ඉක්මනින් මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා.

සති 12ක පටන් ඔබ වෙත ගෙන ආ සින්බැඩ් කතා මාලාව මෙතකින් සමාප්තයි.
ලබන සතියේ සිට නවතම කතා මාලාවක් සිංහල උපසිරැසි සහිතව බලාපොරොත්තු වන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

No comments

Powered by Blogger.