Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 9 කොටස


හුඟක් කාර්යබහුලව වැඩ ගොඩක් එක්ක තමයි මේ නම වෙනි කොටසට උපසිරැසි දැම්මේ. නිදාගන්න කාලයෙන් ටිකක් කැපකරලා තමයි මේ කොටසට උපසිරැසි යොදනු ලැබුවේ. මේ සතියේ කතාව ගැන කියනවනම්, සින්බෑඩ් ඇතුළු කණ්ඩායම අනාගතය දකින්න පුළුවන් දුර්ලභ පාෂාණයක් සොයා දුපතකට ගමන් කරනවා. මෙම කොටසේ ඉඳලා සින්බෑඩ් කණ්ඩායමට අලුත් සාමාජිකාවක් එකතු වෙනවා. ඉතින් මේ පාෂාණය තියෙන්නේ කිසියම් පුජක කොට්ටාසයක් බාරයෙයි. ඒ වගේම මෙම පාෂාණය දකින්න පුළුවන් නායක පුජකයන්ට පමණයි. ඒ වගේම මෙම පාෂාණය පොලව යට වංකගිරියක තමයි සඟවා තියෙන්නේ. සින්බෑඩ්ට මෙය සොයා ගත හැකි වෙයිද? එහෙනම් ලබන සතියෙත් නොවරදවාම දහවෙනි කොටසත් සමඟින් හමුවෙමු.rokiya@zoom.lk

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

No comments

Powered by Blogger.