Spring, Summer, Fall, Winter... and Spring [2003] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම… චිත්‍රපටය ගැන කියනව නම් IMDb ඒකෙ 8.1ක අගයක් ගත්ත චිත්‍රපටයක්. මෙය කොරියන් චිත්‍රපටයක් වන අතර 2003 වසරේ නිකුත් වූන චිත්‍රපටයක් මෙම චිත්‍රපටය වෙනස්වු තේමාවක් ඔස්සේ ගලායන චිත්‍රපටයක් ගහ මරා ගන්නා චිත්‍රපට වැඩිවශයෙන් පවතින කාලයක එයින් බැහැරව ආධ්‍යාත්මික පණිවිඩයක් ගැබ්වන අයුරින් නිශ්පාදනය වු චිත්‍රපටයක්. මේම චිත්‍රපටය සදහා ජාත්‍යන්තර සිනමා උළෙලවල් 14 ක් නියොජනය කර ඇති අතර ඉන් 8 කදීම සම්මාන හිමි කරගෙන තියෙනවා කතාව ගැන කියනව නම් ලොකු හමුදුරෝවො කෙනෙක් හා තරුණ සාමනේර නමක් වටා ගෙති පවතින අතර තරුණ සාමනේර නම කරන වැරදිවලට ලොකු හමුදුරෝවො පිලිතුරැ සපයන ආකාරයත්බෞද්ධ ආගමට අනුව ඍතු වෙනස් වන අයුරින්අපේ ජීවිතය වෙනස් වෙන හැටි මෙම චිත්‍රපටයෙන් මනාව පෙන්නල දෙනවා. මෙකට උපසිරස ගන්වන්නනම් ටිකක් පහසුවුනා ලයින් පොඩි සංඛ්‍යාවක් තමා තිබුනේ නමුත් මෙහි ඇති ආධ්‍යාත්මික අදහස ගොඩක් වටිනවා අපේ ජිවිතයට කොරියන් චිත්‍රපටයක් කියලා නෙබලා ඉන්න ‍‍‍එපා මෙක බැලුවට පසු ඔබේ ජිවිතයෙද වෙනසක් සිදුවේවි උපසිරස ගැන්විමෙදි සිදුවු වැරදි ඇත්නම් ඊට සමාවන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුජීව සම්පත් විසිනි

No comments

Powered by Blogger.