Star Trek (2009) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ Paramount ආයතනය විසිනි.ඒවගේම මේ චිත්‍රපටයට IMDb ratings වල 8.1 වගේ විශා‍ල අගයක් හිමිවෙලා තියෙනව. හිතාගන්න පුළුවන් නෙ ෆිල්ම් එකේ තරම. මම මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න ගත්තෙ දැනට සති දෙකකටත් කලින්. ඒත් මෙහි භාෂා හැසිරමීමෙ ක්‍රමය ගොඩක්ම න්‍යායාත්මකව ඉදිරිපත් කරල තිබ්බ නිසා කියවන්න සුදුසුවෙන විදියට හදන්න ටික කාලයක් ගියා. මම හිතන්නෙ ඔයාල මේක බලල නැත්නම් අදම අරන් බල්න්න. නැත්නම් ඔයාල නොබල ඉදල තියෙන්නෙ මැක්සා ෆිල්ම්ක එකක්. මේ චිත්‍රපටයට සිංහල සබ් එකක් නැතුව ඇත්තටම බලල වැඩක් නෑ. අධිතාක්ෂනයෙන් නිෂ්පාදනය කරපු ෆිල්ම් එකක වුනත් වචන භාවිතයනිසා ඉංග්‍රිසි දන්න කෙනෙක් වුනත් යම්තාක් දුරට අපහසුතාවයට පත්වෙනව.ඒබව මම දැනගත්ත නිසාම මේක ඔයාලට අමාරුවෙන් වුනත් පරිවර්තනය කරල දෙන්න හිතුව. මේ චිත්‍රපටය ගොඩනැගෙන්නෙ අභ්‍යවකාශයේ ලෝක තුනක් පමණ එකතුකරගෙන. එකක් තමයි අපි ඉන්න පෘථිවිය, අනෙක් එක තමයි වෝල්කන් කියල ඒකක්, අනෙක් එක තමයි රෝම්‍යුලන් කියල කට්ටියක් ඉන්න ලෝකයක්. මේ ලෝක අතරින් පෘථිවි ජීවින් ඇරෙන්න අනෙක් ජීවීන් අතර ඇතිව ගැටුමක ප්‍රතිඵලයක් නිසා මිනිස්සුත් මෙම ගැටුමට හවුල් වෙනව. ඉතිං මේ ගැටුම මොකක්ද, අනෙක් ජීවීන් ඇයි පෘථිවි ජීවීන්ට ගැහුවෙ කියල දැනගන්න මේක බාගෙන බලන්න. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා විසිනි

No comments

Powered by Blogger.