The Babymakers [2012] (18+) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


අද ඔන්න මගේ දෙවැනි උපසිරැසි ගැන්විම අරන් මම ආවා.පලවෙනි එකේ අඩුපාඩුත් හදාගෙන දෙවැනි එක කරන්න ඇති කියලා හිතනවා.මේ පාර මම ගෙනවේ ටිකක් කොමඩි පැත්තට බර එකක්.හැබැයි මේක හැමෝටම බලන්න පුලුවන් එකක් නෙමෙයි 18ට වැඩි නම් ඔන්න ඔයාට මේක බලන්න පුලුවන්.කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඔයාලට මතකද විකි ඩොනර් කියලා මේ සයිට් එකේම පලවු කතාව ඊට පොඩ්ඩක් සමාන කම් දැක්වුවත් ඊට වඩා වෙනස් කතාවක් මෙහි අන්තර්ගත වෙනවා.Audrey හා Tommy විවාහ වෙලා 3වෙනි සංවත්සරේදි හිතනවා එයාලා තනියම ජිවත් උනා ඇති එයාලා අතරට තුන්වැනියෙක් ඒ කියන්නේ ළමයෙක් හදාමු කියලා දෙන්නගෙම කැමැත්තෙන් ඒකට කැමති උනත් ඔවුන්ගේ උත්සහාය සාර්ථක වෙන්නේ නැහැ.Audrey සිතන්නේ Tommy ගේ යම්කිසි වරදක් නිසයි එයාලට ළමයි නැත්තේ කියලා හැබැයි ටොමි දන්නවා එයා ගේ වරදක් නෙමෙයි කියලා මොකද එයා අවුරදු ගානකට කලින් දායකයෙක් වෙලා ඉදලා තියනවා (විකි ඩොනර් ෆිල්ම් එකේ වගේ) හැබැයි මේ බව එයාට Audrey ට කියන්න හැකියාවක් නැහැ.මේ නිසා ඔහු බයනැතුව වෛද්‍ය පරික්ෂනයට යොමුවෙනවා එතනින් එයාලට හම්බුවෙන වාර්තාව නිසා ටොමි කවදාවත් නොකරපු වැඩක් කරන්න හිතාගන්නවා.තමන්ගේ යාළුවෝ එක්ක එකතු වෙලා බැංකු මංකොල්ලයක්! මොන වගේ බැංකු මංකොල්ලයක්ද? හිතාගන්න පුලුවන් ඇති.ඉතිරි විස්තර කියන්නේ නැහැ චිත්‍රපටිය අරගෙනම බලන්න.හොදට හිනා වේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් වේවි.මතක ඇතුව මේක ලොකු අය විතරක් අරන් බලන්න හොදද .

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Dj | නිමන්ත (නිමන්ත ජයතිස්ස)විසිනි

No comments

Powered by Blogger.