The Tall Man [2012] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



කොහොමද යාලුවනේ මම ඔන්න මගේ සිව්වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා.සුම් වෙබ් අඩවියේ පලවන දෙවැනි උපසිරැසි නිර්මාණය.අලුත්ම ෆිල්ම් එකක් අරන් එන්න හිතුවා.මේක කරන්නද කියලා මම පෙරේදා වගේ ඇහුවම ඇඩ්මින් කිව්වා හොදයි වෙලාව අරන් හොදට කරලා එවන්න කියලා මට කිව්වා.ඇත්තටම සබ් එකක් බාර ගත්තම අපිව නිකම් දැන් ඉවරද දැන් ඉවරද කිය කිය අරගොල්ලනට කලින් දෙන්න ඕන කියන්නේ නැතුව ඇත්තටම මට මගේ වෙලාව අරන් මේ උපසිරැසි එක කරන්න දුන්න ඇඩ්මින්ට ගොඩක් ස්තුති වන්ත වෙනවා.අනික මගේ හිතුන ෆිල්ම් එකට මට පාඩුවේ උපසිරැසි ගන්වන්න දුන්න එකටත් ස්තුතියි.මම Expendables කලින් චිත්‍රපටියත් පරණ උනත් දෙමුද කියලා ඇහුවම මට ඇත්තටම බල කලේ නෑ මේක එපා අලුත් එකක් දාන්න කියලා.මගේ හිතේ තියන විදියට දාන්න ඉඩ දුන්නා.ඇත්තටම එකනේ වෙන්න ඕන. අපි මේවා අපේ හිතේ ආසාවට කරන දේවල්නේ.ඇත්තටම මේ ටික ඇඩ්මින්ට මම දාන්නම කියලා බලකරලම ලිපිය දෙද්දි කිව්වා.ඇත්තටම සුම් එක කියන්නේ අපේ උපසිරැසියට වැඩි වටිනාකම් ලැබෙන තැනක් කිව්වොත් මම නිවැරිදියි.මගේ ස්තුතියි මට මේ අවස්ථාව දිම ගැන.

දැන් මම චිත්‍රපටියේ කතාවට පිවිසෙන්නම් මේ කතාව ගලා යන්නේ ඇමරිකාවේ එක්තරා ගමක සිදුවෙන සිදුවිම් පෙලක් අලලා.ඒ ගමේ ලමුන් පැහැර ගන්නවා.හැමෝම හිතන්නේ ඒ ගමේ පුරාවෘත්ත වල සිටින උස මනුස්සයෙක් මේ විදියට ළමයිව පැහැරගන්නවා කියලා.පොළිසියටවත් මේ පටලැවිල්ල ලිහාගන්න බැරි වෙනවා.ඇත්තටම මේ ළමයි පැහැරගන්නේ කවුද? පැහැරගන්නේ කුමකටද? පැහැරගැනිමේ අරමුණ කුමක්ද? සියල්ල දැනගන්න.මේ චිත්‍රපටිය නරඔන්න.තවත් උපසිරැසියකින් ලංකාවේ හොදම උපසිරැසි වෙබ් අඩවියෙන් හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රසාංග පෙරේරා විසිනි

No comments

Powered by Blogger.