Arrow (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 2 කොටස


දැනට විකාශනය ටෙලිනාට්‍ය කතා අතුරින් IMDb තුල වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා සිටින නූතන රොබින් හුඩ් නොහොත් ඇරෝ ටෙලිනාට්‍ය කතා මාලාවේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. මුල් කොටසට අදහස් දක්වපු හැම කෙනෙක්ටම ස්තූතියි. අද කතාව ගැන කියනවනම්, ඔලිවර් ක්වින්ට පියා විසින් ලබාදෙන පොතේ ලැයිස්තුවේ තියෙන තවත් අපරාද කරුවෙකු පසුපස හමා යන්න ඔලිවර්ට සිදු වෙනවා. ඒ වගේම මේ අපරාද කරුවන් විසින් ලොරල් වත් මරන්න කුමන්ත්‍රණය කරනවා. ඒ වගේම ඔලිවර් ට මේ සටන් කිරීමේ හැකියාවන් සහ දක්ෂතා ලැබුනේ කොහොමද කියල හඟවන දර්ශනයකුත් අපිට බලා ගන්න පුලුවන්. ඒ වගේම ඔලිවර් සහ පියා ඇතුළු පිරිස අනතුරට පත් බෝට්ටුව ඒ අයුරින් අනතුරට පත් කෙරුවේ කවුද කියලත් අද කොටසින් බලා ගන්න පුළුවන්. එහෙනම් ලබන සතියෙත් අලුත් කොටසක් රැගෙන එන තුරු සමුගනිමි.rokiya@zoom.lk

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

No comments

Powered by Blogger.