Arrow (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 3 කොටස



ඔන්න ඇරෝ කතා මාලාවේ තුන්වෙනි කොටසත් රැගෙන ආවා. මේ රූපවාහිනී කතා මාලා වලට උපසිරැසි දීම පිළිබඳව යමක කියන්නම ඕනේ. මොකද හුඟක් අය මේ කොටස් වල ටොරන්ට් එකක් නිකුත් වෙච්ච වෙලාවේ ඉන්දල‍ අපෙන් අහනවා දැන් සබ් එක දෙනවද , දැන් දෙනවද කියල‍. ඇත්තටම අපි මේ උපසිරැසි ගැන්වීම් කරන්නේ රැකියා කර ගෙදර ඇවිල්ල තියෙන නිදහස් කාලය තුලින් ඉතින් උපසිරැසිය දෙන්න වෙන්නේ අනිවාර්යෙන්ම හවස හත අට වෙනකොට තමයි. මොකද රැකියාව කරලා ගෙදර ඇවිලා තමයි උපසිරැසි ගැන්වීම කරන්න වෙන්නේ. 

කොහොම වුනත් අපේ සූම් උපසිරැසි කණ්ඩායම තමයි මේ දක්වා ඔබට පොරොන්දු වුන විදියටම කිසිම සතියක් වත් මගහරින්නේ නැතුව රූපවාහිනී කතා මාලා කොටස් වලට උපසිරැසි ලබාදුන්නේ. ඒ වගේම අපි තමයි ඔබට උපරිම වේගයකින් රූපවාහිනී කතා මාලා බාගත කිරීමේ පහසුකම හඳුන්වා දුන්නේ. ඒකට හුඟක් අය බාදා කෙරුවත් අපි නොකඩවා එය එසේම කරනවා. ෆෝරම් එකේ රූපවාහිනී කතා මාලා බාගත කිරීම් වලට ලින්ක් දාන යාලුවන්ගෙන් දෙයක් ඉල්ලන්න කැමතියි. ඒක තමයි ඔබ ලබාදෙන ලින්ක් කරුණාකර කෙලින්ම බාගත කිරීමේ සම්බැඳිය යොමුකරන්න. අපි හුඟක් දැක්කා ඇඩ් සයිට් තුලින් රී-ඩිරෙක්ට් වෙන විදියට ලින්ක් ලබාදීලා තියෙනවා. සමහර ඒවා ස්පෑම් සයිට් වලටත් නොදැනුවත්ව යොමු වෙනවා. අපි මේ කටයුතු කරන්නෙත් කිසිම ආර්ථික වාසි බලාගෙන නෙමෙයි. ඒ නිසා ඔබත් ඒ අයුරින්ම ක්‍රියා කරන්න.ඉතින් මේ කතාව ගැන නම් වැඩි දෙයක් කියන්නේ නැහැ. මුල් කොටස් බලපු අය දන්නවා ඇති මේ කතා මාලාව කොතරම් රසවද්ද කියලා. එහෙනම් කතාව රසවිඳලා අදහසකුත් අකුරු කරගෙන යන්න කියල‍ කියනවා rokiya@zoom.lk

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි


No comments

Powered by Blogger.