Joker [2012] සිංහල උපශ්‍රිර්ෂ සමගින්


මේ තමයි මම උපසිරැසි ගන්වපු පලමු චිත්‍රපටිය. ඉන්දියාව පුරා මේ චිත්‍රපටිය තිරගත විම ආරම්භ උනේ අගොස්තු 30 වැනිදා.පසුගියදා මේ චිත්‍රපටියේ හොද පිටපතක් නිකුත් උනා. ඒ කියන්නේ දැන් දින 3කට විතර කලින්.මේකෙ කතාව හරිම විනෝදජනකයි.සුපිරි ඉන්දීය නළුවෙක් වන අක්ශය කුමාර් මෙහි ප්‍රධාන චරිතයට පන පොවනවා.කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් 1947 පකිස්ථාන ඉන්දියාවේ වුද්ධ කාලයේ කාටවත් යටත් කරගන්න බැරි ගමක් තිබුනා මේ ගම එක නිසා ඉන්දිය සිතියමේවත් පකිස්ථානේ සිතියමේවත් නැහැ.අනිත් කාරණාව තමයි මේ ගම හරිම නොදියුණු ගමක් ඔවුන්ට හරියට විදුලියවත් නැහැ.එ වගේම ගමේ ඉන්න මිනිස්සුන්ටත් පිස්සු කියලා ඇතැම් අය කියනවා ඉතින් මේ ගමට කවුරුත් එන්නේ යන්නේ නෑ.මේ අතර නාසා අයතනයට වැඩ කරන කෙනෙක් තමයි අගස්තියා (අක්ෂේ කුමාර්) කියන්නේ ඔහු පියසක්වල ජිවින් ගැන පරික්ෂන කරනවා ඔවුන්ව සම්බන්ධ කරගන්න උත්සහා කරන එක තමයි කරන්නේ ඒ වැඩ අතර තුර මොහුට මේ ගම හමුවෙනවා.මේ ගම හා පිටසක්වල ජිවින් අතර සම්බන්ධයක් තියනවා කියලා සැකයක් මොහුට ඇතිවෙනවා.ඒක නිසා අගස්ති හිතාගන්නවා මේ ගම හොයාගෙන යන්න.මේ ගමට ගියාට පස්සේ මොනා වෙයිද? ගමේ මිනිස්සුන්ය නොදියුණු කමෙන් මුදවා ගන්න අගස්තිට හැකිවෙයිද?ඔහුගේ අරමුණ වු පිටසක්වල ජිවින්වත් හොයා ගන්න පුලුවන් වෙයිද ඒ සියල්ලම චිත්‍රපටිය නරඹන ඔබට දැනගන්න ලැබේවි.එහෙනම් මේ චිත්‍රපටිය නරඔලා මගේ පලමු උපසිරැසි ගැන්විම ගැන අදහසක් කියලා යන්න.පලවෙනි එක නිසා වැරදිම් තියෙන්න පුලුවන්.එහෙනම් හැමෝම මේ චිත්‍රපටිය රසවිදින්න කියලා ආරාධනා කරනවා.



No comments

Powered by Blogger.