Revolution [2012] Season 1 Episode 6 සිංහල උපසිරැසි සමගින්


රෙවලුෂන් කතාමාලවේ 6වැනි කොටස අරගෙන තමයි අද ඔන්න මම ආවේ.මේක පසුගිය සතියේ නම් විකාශනය උනේ නැහැ.පහුගිද දවස්වල කොටස් දෙන්න පොඩ්ඩක් විතර ප්‍රමාද උනා ඒහෙම උනේ ගියමාසේම වගේ මට විභාගතිබුන නිසා හවස 5.30ට 6ට විතර ඇවිත් තමයි උපසිරැසි කරලා දුන්නේ.දැන් ඒ වැඩ ඉවර නිසා ඔන්න කලින්ම උපසිරැසි එක අරගෙන මම ආවා.හරි ඒ කතාව ඉවරයි දැන් රෙවලුෂන් එකේ කතාමාලාව දෙසට හැරෙමු.
5වැනි කොටස නරඔපු ඔයා දන්නවා චාලි මයිල්ස් ඇතුළු කට්ටිය ඩැනිව හොයාගෙන යනවිට ඔවුන්ට දැකගන්න පුලුවන් වෙනවා නෙවිල් විසින් දුම්රියක් නැවත සකස් කරගෙන නගරයට පලායන්න හදනවා කියලා.මොවුන් දුම්රියෙන් පලාගියහොත් චාලිට ඩැනිව හොයාගන්න එක තවත් අසිරුවෙනවා මිසක් ලේසි පහසුනම් වෙන්නේ නැහැ.ඒ බව දන්න නිසා චාර්ලි ඉක්මනින්ම ඩැනිව හොයාගෙන යන්න උත්සහාකරනවා.නමුත් චාර්ලි ගේ මේ ඉක්මන්විම නිසා නෙවිල් දැනගන්නවා චාර්ලි ඩැනිගේ සහෝදරිය බවත් ඔවුන් පැමිණ තිබෙන්නේ ඩැනිව බේරාගැනිමට බවත්.මේ අතර නෝරා,නෙවිල් ඇතුළු හමුදාවම විනාසකරන්න හිතාගෙන දුම්රියේ බොම්බයක් සගවනවා.චාර්ලි නෙවිල්ට කොටු විම නිසා චාර්ලිව බේරාගැනිමට මයිල්ස් ද පැමිණෙනවා.මෙයින් නෙවිල් කලබලයට වගේම තරහාවට පත්වෙනවා.ඔවුන් ඉක්මනින්ම ඩැනිවත් රැගෙන දුම්රියෙන් පිටත්වෙනවා.ඒ අතර මැදදි නොරා දැනගන්නවා චාර්ලිට තමන්ගේ මල්ලි ඩැනිව බේරාගැනිමට නොහැකි වු බවත්,දුම්රියේ තවමත් චාර්ලිගේ මල්ලි ඩැනි සිටින බව.එම නිසා ඇය බොම්බය ඉවත් කරන්න හදනවා.කෙසේ හෝ නැවතත් නෙවිල් ඇතුලු හමුදාව චාරලිගෙන් වෙන්වි පලායනවා.චාරලිට නැවතත් ඔහුගේ මල්ලිව බේරාගැනිමේ කාර්යය තවත් අපහසුවෙනවා..මෙතනින් පසු කුමක් වෙයිද? අද කොටස නරඔන්න කියලා ඔබට ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිතා කපුගමගේ විසිනි



No comments

Powered by Blogger.