Sherlock [2012] (TV series) Season 2 Episode 3 සිංහල උපසිරැසි සමග



ශර්ලොක් කතාමාලාව දැනටමත් ඔබ හැමගේම සිත්වසග කරගෙන ඇති බව හොදටම දන්නවා.නමුත් අද ඔයාලට ලබා දේන මේ කොටසත් එක්ක ශර්ලොක් සම්පුර්ණ කතා මාලාවම ඒ කියන්නේ ශර්ලොක් 2010 නිකුත් වු පළමු කතාමාලාව හා ෂර්ලොක් 2012 නිකුත් වු දෙවැනි කතාමාලාව යන සියල්ලම අප ඔබ වෙත තිළින කර අවසන්.මෙහි තුන්වැනි කතාමාලාව 2013 නිකුත් විමට තිබෙන බව සටහන් කර තිබුනත් එහි නිසැකවම එය 2013 විකාශනය පටන් ගනිද කියලා නම් දන්නේ නැහැ.එහෙම පටන් ගත්තොත් ඒ කොටස් උපසිරැසි සහිතව ඔබට අප සමිප කරන්නම්.

ෂර්ලොක් හොම්ස් පොත්පත් කියවලා තිබෙනවා නම් ''ෂර්ලොක් හොම්ස් ඔබෙන් සමුගනි'' පොත කියවලා තියනවද? එහිදි මොරියාටි සමග ඇති කරගත් ගැටුමකින් අවසානයේ දියඇල්ලක් පහලට වැටිමෙන් ශර්ලොක් හොම්ස් මිය යනවා.මේ කතාවම තමයි ෂර්ලොක් හොම්ස් 2011 වසරේ නිකුත් වු Sherlock Holmes 2: A Game of Shadows 2011 චිත්‍රපටියටත් පාඨක උනේ.අද ඔබට ලබා දෙන මේ ෂර්ලොක් හොම්ස් කතාවෙත් වෙනස් ආකරයෙන් සිදුවන්නේ එම සිදුවිමම තමයි ශර්ලොක් මියයනවා.මේ ශර්ලොක් හොම්ස් ගේ මරණය නිර්මාණය කිරිම පිළිබද අපුරු කතා පුවතක් තියනවා.සමහර විට ඔබ ඒ ගැන දන්නවාත් ඇති.නොදන්න අයට පොඩි දැනුවත් කිරිමක් කරන්නම්.ඔබ කවුරුත් දන්නවා ශර්ලොක් හොම්ස් කියන්නේ ලන්ඩන් වල පලවු පුවත් පතකට ලියු කතා මාලාවක් කියලා,ශ්‍රිමත් ආතර් කොනල් ඩොයිල් ගේ අදහසක් අනුව රචනා උන මේ කතා මාලාව එකල ලන්ඩනයේ කා අතරත් ඉමහත් ජනප්‍රියතාවයට පත්වුනා.අවසනයේ ආතර් කොනල් ඩොයිල් මහත්මාට මේ කතාව නොලියා ඉන්න බැරි තත්වයට පත්වෙනවා.ඔහුට ඇත්තටම අවසානයේ එය වදයක් බවට පත්වෙනවා.ආතර් කොනල් ඩොයිල් මහතාට මේ අතර වාරයේ හොද අදහසක් පහල වෙනවා.ඔහු මේ කතාවෙන්ගැලවෙන්න උපායක් හමුවෙනවා.ආතර් කොනල් ඩොයිල් මහතා ඒ උපාය හොයාගත්තාට පසුව තම මිතුරෙක්ට පණිවිඩයක් යවනවා.එහි සදහන් වන්නේ මෙන්න මේ ආකාරයටයි.
''මේ විදියට ගියොත් තව ටික කාලයක් යද්දි ශර්ලොක් හොම්ස් විසින් මාව මරා දමනවා,නමුත් මම ඒකට විසදුමක් හොයා ගත්තා එය තමයි ඔහු මාව මරන්න කලින් මම ඔහුව මරා දැම්මා'' 

මේ කතාමාලාවේ මෙම අවසාන කොටසේ සබ් ලයින් 600 ත් වඩා ප්‍රමාණයක් පරිවර්ථනය කරලා දුන්න Gayan159 (Gayan Liyanage) සහෝටත් ගොඩක් ස්තූති වන්ත වෙනවා. සමහරවිට අදත් සබ් එක නොදෙන තත්වයකයි තිබ්බ. මොකද සබ් ෆයිල් එක මගේ අතින් ඩිලීට්වුන. ඒත් කොහොමහරි සබ් එක ඉක්මනින්ම ආයේ පාරක් දාලා දුන්නා.ඒ වගේම ලබන සතියේ අනිවාර්යෙන් ඔබ ශර්ලොක් හොම්ස් රසිකයෙක් නම් මේ පැත්තේ ඇවිත් යන්න අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි



No comments

Powered by Blogger.