The Losers [2010] සිංහල උපසිරැසි සහිතව


කොහොමද කස්ටිය? හැමදාම සබ් එකක් බාගෙන යන කොට මටත් හිතුනා උපසිරැසියක් කලා නම් කියලා ඉතින් පොඩ් ට්‍රයි එකක් දාන්නත් එක්ක 2010 වසරේ ආව මැක්සාම ෆිල්ම් එකකට සබ් එකක් අරන් ආවා.ඔයාලා මේක බලලා ඇති.බලලා තිබුනත් නැතත් ආයේමත් සබ් එක්ක බලන්නකෝ එහෙනම් මේක 6.3 අගයක් ගත් මැක්සා කතාවක්.මම නම් තුන් හතරපාරක් බැලුවා.කිසිම කම්මැලි කමක් නැතුව පැය 1 1/2ම බලන්න පුලුවන් එකක්.කතාව මේකයි හමුදාවේ පස්දෙනෙක් ගෙන් යුත් කණ්ඩායමක් ඉන්නවා මෙයාලා කරන්නේ අපහසු මෙහෙයුම් ගිහින් කරන එක.දවසක් මෙයාලා එක්තරා කදවුරකට පහර දෙන්න යනවා.නමුත් එකේ කුඩා ළමුන් රදවගෙන ඉන්න බව මොවුන් දැක්ක නිසා පහර දිමට කලින් ළමුන් බේරගන්න හිතනවා.මොවුන් ළමුන් ටික බේරගෙන ඔවුන්ව ගෙන යන්න ආපු හෙළිකොප්ටරයට නග්ගවනවා....මෙතනින් එහාට කිව්වොත් මම හිතන්නේ කිසිම කුතුහලයක් දැනෙන එකක් නෑ.මොකද චිත්‍රපටිය ඔබ රසවිද්ද ඕන කියන එකයි මගේ හැගිම.

ඔයාලගේ ලැබෙන ප්‍රතිචාර අනුව දෙවැනි උපසිරැසි එකකට යනවද කියලා තිරණය කරන්නම්.එතකොට අලුත්ම ෆිල්ම් එකක් සබ් දාලා දෙන්නම්.මේ පාර පරණ එකක් දැම්මේ අලුත් චිත්‍රපටි වලට තරගයක් තියනවා නේ තැන් දෙක තුනක පලවෙන.මේක ටිකක් පරණ නිසා එහෙම දෙයක් වෙන්නේ නැති වේවි.මොකද මේකේ කොපි නිකුත් වෙලා සැහෙන කාලයක් වෙනවනේ.එක නිසා කවුරුත්ම උපසිරැසි දාලා නැති නිසයි මම මේක කලේ.එහෙනම් අදහස් දලා යන්න ඒක තමයි අපිට ලැබෙන ශක්තියවෙන්නේ.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ යසිත් අමරසිංහ විසිනි



No comments

Powered by Blogger.