Tinkerbell Secret Of The Wings [2012] සිංහල උපසිරැසි සමගින්


මේ දවස් ටිකේම උපසිරැසි පලවු චිත්‍රපටි වලින් ටිකක් වෙනස් චිත්‍රපටියක් උපසිරැසි කරන්න මම හිතුවා.මේක ලොකු පොඩි හැමෝටම ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් වෙයි කියලා මට විශ්වාසයි.ඒ වගේම අනිවාර්යෙන් අරන් බලන්න කියලත් කියනවා.මේ කාටුන් එකේ පොඩි ගිත කිහිපයක් තියනවා මම එවටත් උපසිරැසි ගැන්විම් කලා.එවත් හොද මට්ටමේ තියනවද කියලා ඔයාලගේ අදහස් දන්වලා කියන්න පුලුවන් නම් ඒක හොද දිරිමත් කිරිමක් වේවි.

එහෙනම් තව වැඩි කතාවක් නැතුව මම චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියන්නම්.
ටින්කර්බෙල් දවසක් වැඩ කර කර ඉන්න අතරෙ දකිනවා හිම වනාන්තරය පැත්තට ලස්සන කුරුල්ලො වගයක් පියාඹගෙන යනවා. ඉතින් මෙයාට එක පාරම හිතෙනවා, ඇත්තටම අපි දන්න තරමින් එහා ලස්සන ලෝකයක් ඇති කියල. ඉතිං ටින්කර්බෙල් හිතාගන්නවා කොහොමහරි හිම වනාන්තරේට ඇතුළුවෙලා බලන්න ඕනෙ කියල. ඒත් හිම වනාන්තරේට යනවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමේ.කොහොමවුනත් ටින්කර්බෙල් එයාගෙ යාළුවා පෙරිවින්කල් එක්ක සුරංගනාවියන්ගෙ අත්තටුවල රහස හොයාගෙන හිම වනාන්තරේට යන කතාවක් තමයි මේ. හැමදාම රණ්ඩු කරන ෆිල්ම් බලලා වෙනසකටත් එක්ක මේක බලන්න. මෑතකදි ආපු හොඳම කාටුන් එකක් මේක. ඩිස්නි කට්ටියගෙ නිසා තත්වෙයන් සුපිරියි.එහෙනම්, බලලා අදහසක් දක්වලාම යයි කියල විශ්වාස කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක)විසිනි



No comments

Powered by Blogger.