Universal Soldier: Day of Reckoning [2012] සිංහල උපසිරැසි සමගින්


අද දවසේ නිකුත් උන තවත් සුපිරි චිත්‍රපටික් අරගෙන තමයි අද ආවේ.මේකේ තුන්වැනි කොටස ලගදි ටිවි එකෙත් ගියා ඔබ දකින්න ඇති.මට ඇත්තටම ඒ කොටස් දිලාම තමයි මේකට උපසිරැසි දෙන්න හැදුවේ.එත් මේක බලන්න කැමති අය ඉන්නවනේ ඒ අයට මේ චිත්‍රපටිය උපසිරැසි දාලා දෙන්න ඕන කියලා හිතුන නිසයි මේක ඉක්මනටම ඔයාලා අතට දෙන්න කටයුතු කලේ.

චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම් කතාව ආරම්භයේදිම ජොන්ගේ නිවසට පැමිණෙන සහහසිකයෙක් ජොන්ව සහා ඔහුගේ පවුලේ අයව මරන්න උත්සහා කරනවා.අවසා‍නයේ ජොන්ගේ බිරිද හා ළමයා මිය යනවා.ජොන්ට මෙහිදි වන අනතුරක් නිසා සිහියනැතිවෙලා මාස ගණනක් රෝහල් ගතවි සිටිමට සිදුවෙනවා.ජොන්ගේ මතකය නැති වි තිබුනත් ඔහුට තමන්ගේ පවුලේ අයව ඝාතනය කරපු කෙනාගේ රුපය හිතේ වෙලාවකට පෙන්න ගන්නවා.ජොන් ඔවුන්ව හොයාගෙන ගොස් තමන්ගේ පවුලේ අය මැරු පළිය ගැනිමට තිරණය කරනවා.ජොන්ට ඒක කරන්න පුලුවන් වෙයිද? ඔබම චිත්‍රපටිය අරගෙන චිත්‍රපටිය රසවිදින්න ආරාධනා කරනවා.එහෙනම් ඉක්මනින්ම තව චිත්‍රපටියක් අරන් එන්නම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු නිලංක විසිනි


No comments

Powered by Blogger.