Alien3 [1992] සිංහල උපසිරැසි සමගින්


ඔන්න ඒලියන් චිත්‍රපට මාලාවේ 3 වැනි චිත්‍රපටය. ඒ කියන්නෙ අවසානය.මේ චිත්‍රපටය නිකුත් කලේ 1992 වර්ශයේදි. ඩේවිඩ් ෆින්චර් අධ්‍යක්ෂණය කල මෙය නිපදවීම සඳහා ඇ.ඩො.මි. 50ක් වියදම් කරල තියෙනවා. ආදායම වශයෙන් $159,773,545 ලැබිලා තියෙනවා. 

දෙවැනි චිත්‍රපටයේදි අන්තිමට රිප්ලි, නූට්, බිෂොප්ගේ ඉතුරු කොටස් සහ හික්ස් බේරිලා "සුලාකෝ" යානයෙන් නැවත පෘථිවිය බලා පිටත්වෙනවා. සියලුදෙනා ශිශිර නින්දේ සිටින විට යානය තුල යමක් සිදුවෙනවා. ඒකනිසා මේ අය හදිසියේම යානයෙන් පිට කරනවා. මේ අය සිටින හදිසි පිටවුම් යානය වැටෙන්නේ "ෆියුරි 161" කියන ග්‍රහලෝකයට. එහිදී රිප්ලි ඇතුලු කණ්ඩායමම එහි සිටින අය බේරගන්නවා. ඒත් රිප්ලිට අමුත්තක් දැනෙනවා. මෙහෙම දවස් කීපයක් යනකොට එහි සිටින අයෙක් සුළං පෙත්තකට විසි වෙලා මැරෙනවා. නමුත් එහි සිටින දොස්තර එයට කිට්ටුව ඇසිඩ් වැටිලා වගේ පිච්චුන ස්ථානයක් දකිනවා. ඒත් රිප්ලි මේ වෙන කිසිම දෙයක් ගැන කාටවත් කියන්නෙ නෑ.ඒ කියන්නෙ පිටසක්වල ජීවියෙක් මේ ලෝකෙත් ඉන්නවද? නැත්නම් ඌ කොහොමද ආවේ? රිප්ලිලා එක්ක එන්න විදියක් නෑනේ? ඇත්තටම ටිකක් හිතාගන්න බෑනේද? ඒකට චිත්‍රපටිය බලන්නම වෙනවා. මේ චිත්‍රපටයත් "නැවත සකස්කරන ලද විශේෂ සංස්කරණයක්". 

මේ චිත්‍රපටය හදනකොට තිර රචකයෝ හා අධ්‍යක්ෂකවරු අතර ලොකු ලොකු මතවාද ඇතිවුන එකක්. චිත්‍රපටය රූගත කරන්න පටන්ගත්තෙ චිත්‍රපටයේ පිටපත ඉවර කරලාවත් නෙවෙයි. මේක තමයි මේ චිත්‍රපට තුනෙන්ම තිබුනු දිගම දෙබස් තියෙන එක. පේළි 1500ක් විතර මේකෙත් තිබුනා. 

එහෙනම් කට්ටියම චිත්‍රපටය අරගෙන බලන්න. ඔයාලගෙ අදහස් එකතු කරන්නත් අමතක කරන්න එපා. මොකද ඊළඟ උපසිරැසි ගැන්වීමට ඒක ලොකු හයියක් වේවි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉඳුනිත් විසිනි


No comments

Powered by Blogger.