Aliens II [1986] සිංහල උපසිරැසි සමගින්


ඉස්සෙල්ලා දුන්න ඒලියන් චිත්‍රපටයේ දෙවැනි කොටස තමයි මේ. මේ ඒලියන්ස් චිත්‍රපටය ජේම්ස් කැමරන් හදපු මේ චිත්‍රපටයත් පළවැනි කොටසට දෙවැනි නෑ! මුල් චිත්‍රපටය බලල නැත්නම් මේක බලන්න එපා. මුලින්ම ඒක බලන්න. පළමු චිත්‍රපටය අවසන් වුනේ රිප්ලි යානයකින් අපේ සෞරග්‍රහමණ්ඩලයට එන තැනින්.

මේ චිත්‍රපටය පටන් ගන්නේ එතන ඉඳලා. අපේ සෞරග්‍රහමණ්ඩලයේ සැරිසරන කණ්ඩායමකට රිප්ලි ඉන්න යානය අසුවෙනවා. එයාලා රිප්ලිගෙ යානය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගේනවා. එහිදී දින කීපයක් ප්‍රතිකාර ලැබෙන අතර පසුව රිප්ලි නොස්ට්‍රොමෝ යානය විනාශ කලාට වරදකාරිය වනවා. රිප්ලිට ඒ අතර දැනගන්න ලැබෙනවා පිටසක්වලයන් හිටිය ග්‍රහලෝකයේ දැන් මිනිසුන් පදිංචිවෙලා ඉන්නවා කියලා. ඒකෙ වායුව පෘථිවියේ තරමට පිරිසිදු කරන්න. හැබැයි ටික දවසක් රිප්ලි මෙහෙම ඉන්නකොට... අර ග්‍රහලෝකෙන් එන සන්නිවේදන සංඥා එකසැරේට ඇණහිටිනවා. හේතුවක් දන්නෙ නෑ. ඉතින් ඒ හේතුව හොයාගන්න පෘථිවියේ කණ්ඩායමක් යවනවා. ඒ විශේෂ භට කණ්ඩායමක්. ඒ අතරටම රිප්ලිටත් යන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එයා ඒකට මුලින්ම අකමැති වෙනවා. පසුව කැමති වෙලා යනවා.

මෙම චිත්‍රපටය 1986 වර්ශයේ නිකුත් වුනේ. IMDB ලකූනු 10න් 8.5ක් ලබාගත් ඉතාමත්ම සුවිශාල නිර්මාණයක්. ඇ.ඩො.මි.18.5ක වියදමකින් නිපදවූ මෙයට ඇ.ඩො.131,060,248ක ආදායමක් ලැබිලා තියෙනවා. මෙම චිත්‍රපටය එංගලන්තයේ "පයින්වුඩ් ස්ටුඩියෝස්" හි සහ භාවිතයට නොගන්නා බලාගාරයක රූගත කලේ. ඒ වගේම මෙය ඇකඩමි සම්මාන 7කට නිර්දේශ වුණා.

මෙම චිත්‍රපට පිටපතත් ළඟදී "නැවත සකස්කළ HD තාක්ෂණයට පරිවර්ථනය කල" හොඳම තත්වයේ තියෙන එකක්. ඒ කියන්නෙ සුවිශේෂි පිටපතක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉඳුනිත් විසිනි


2 comments:

  1. මාලිංග චින්තකNovember 25, 2012 at 3:02 PM

    මේක මගේ ලඟ තියෙනවා.සබ් දෙයි කියල හිතුවෙම නෑ, එළකිරි

    ReplyDelete

Powered by Blogger.