Hate Story (18+) [2012] හින්දි චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින්


තවත් සුපිරිම ගනයේ හින්දි චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ.ඔයාලා දන්නවනේ හොදම චිත්‍රපටි අනිවාර්යෙන් සුම් එක්ක ඉන්නවා නම් බලන්න පුලුවන් කියලා.මේක 2012 නිකුත් උනාට ටොරන්ට් පට නම් නිකුත් වෙලා මාස 5ක් වගේ වෙනවා.හැබැයි මේ චිත්‍රපටි වලට ගැලපෙන උපසිරැසි නම් නෙට් එකේ තිබුනේ නෑ.ඒ කලේ මම Housefull 2 හා Jannat 2 චිත්‍රපටි දෙනකොට පොරොන්දු උනා මම මේකටත් උපසිරැසි දෙනවා කියලා.මේකේ ට්‍රේලර් එකත් මම සබ් දාලා යු ටියුබ් එකට දැම්මා කට්ටියට මතකත් ඇති.ඒ පොරොන්දුව දෙන්න ටිකක් වෙලාව ගියා ඒ උනත් ඕන්න කොහොම හරි චිත්‍රපටිය අරගෙන ආවා.



ෆිල්ම් එක දැක්කම ටිකක් අමුතු හැගිමක් එන්න පුලුවන්.මේ චිත්‍රපටිය ඉන්දියාවේ ලොකු කතාබහක් ඇති කරන්න සමත් උනා.තාම ට්‍රේලර් එක බලලා නැත්නම් ඔය උඩ දාලා තියන එක නිකමට බලන්නකෝ.මේ චිත්‍රපටිය ටිකක් +18 වගේ වෙන විදියට හදලා තිබ්බත් චිත්‍රපටියේ කතාවනම් අනිත් හින්දි චිත්‍රපටි වගේම හොද එකක් කියලා කියන්න පුලුවන්.සංවේදි කතාවකුත් මේ චිත්‍රපටිය පුරාවටම ගලාගෙන යනවා.සමහර විට අපිට ආදරය කරන අය ලග ඉන්න පුලුවන් එත් අපි ආදරේ වෙන වෙන අයගෙන් හොයන්න ගිහින් වරද්ද ගන්නවානේ මේක බැලුවාමත් මට ඒ දේ හිතුනා.මේ චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් කාව්‍යා කියන්නේ පත්තරයක වැඩ කරන මාධ්‍යවේදිනියක් .මෙයාගේ හොදම යාළුවා විකි.දෙන්න එකටම තමයි නිවුස් හොයාගෙන යන්නේ.දවසක් මෙයාලට හොද නිවුස් එකක් ලැබෙනවා.ඒ ඉන්දියාවේ සිමෙන්ති කාර්මාන්ත ශාලාවක් ටෙන්ඩර් හොරෙන් ආණ්ඩුවට සල්ලි දිලා ලබා ගන්නවා කියන ආරංචිය.කොහොම හරි මේ අය මේක සාක්ෂි ඇතුව පින්තුරත් එක්ක පත්තරේ පල කරනවා.මේ නිසා ඒ සිමෙන්ති ෆැක්ටරි එකට විශාල අවනම්බුවක් ඇති වෙනවා.මේ කම්පැනි එකේ අයිති කෙනා තමයි සිද්ධාර්ත් ධන්රාජ් කියන්නේ.මේ කෙනාට ඕනවෙනවා මේ දේ කරපු කාව්‍යාගෙන් පලිගන්න.ඔහු එකට අපුරු උපායක් බාවිතා කරනවා.ගැණු ළමයි කොහොමත් මිල මුදල් වලට රැවටෙනවනේ.කොහොම හරි සිද්ධාර්ත් කාව්‍යාගේ ජිවිතේ එපා වෙන තරමට ඇයගේ මුළු ජිවිතේම එපා වෙන විදියේ දෙයක් කරනවා.කාව්‍යා අසරණ වෙනවා.ඇයට සිද්ධාර්ත් එක්ක හැප්පෙන්න බෑ මොකද ඒ අය සමාජයේ මන්ත්‍රිවරු දන්න ඉහල පැලැන්තියේ සල්ලිකාරයෝ.ඇය කොහොමද ඒ වගේ එක්ක හැප්පෙන්නේ. අවසානයේ ඇය විසින් විදියක් හොයාගන්නවා.ඇය විසින් සිද්ධාර්ත්ගේ ගෙන් පලිගන්න පුලුවන් වෙයිද මොවුන්ගේ ජිවිත පවලට කුමක් සිදුවෙයිද? ආදරය වෛරයකට පෙරලුන විට මොන වගේ දේවල් සිද්දවෙයිද කතාව අරගෙන බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.

තව දෙයක් මේකේ 700කොපි එකේ හා 500 කොපි එකේ සබ් වෙනස්.700කොපි එක Uncut එකක්.එක නිසා ඔයා ඩවුන්ලොඩ් කර ගන්න කොපි එකේ සබ් ගන්න.කොපි දෙකම සුපිරිම කොලිටි එකට තියනවා.එහෙනම් අරන් බලලා කමෙන්ට් එකක් දාලා යන්න.අනිත් කාරණාව නෙට් එකේ මිට අමකරව නිකුත් වුන හැමකොපි එකටම මේ සබ් දෙකෙන් එකක් මැච්වෙනවා.එක නිසා ඔයාලා කලින් අරගෙන තියන කොපි එකට එක සබ් එකක් මැච් උනේ නැත්නම් අනිත් එක ට්‍රයි කරලා බලන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි


1 comment:

Powered by Blogger.