Lawless [2012] සිංහල උපසිරැසි සමගින්


IMDb රේටින් වල 7.6 ක ඉහල අගයක් ගත්ත මේ චිත්‍රපටය බොහෝදුරට ක්‍රයිම් හා ඩ්‍රාමා කියන ඛාණ්ඩ වලට බෙදා වෙන් කරන්න පුළුවන්. සහෝදරයන් තිදෙනෙක් අලල නිපදවපු ‍මේ කතාව සත්‍ය සිදුවීම් පෙලක් ඇසුරින්නිර්මා ණය කරල ‍තියෙනවා. ඇත්තටම මේ කතාවේ ප්‍රධානම දේ වෙන්නෙ නීතිවිරෝධි කියල නම්කරපු මත්පැන් නිෂ්පාදකයින් තම නීති විරෝධි මත්පැන් හොර රහසේ විකුණ විදිය හා ඔවුන්ට එවිට නැ‍ගෙන ප්‍රශ්නයි. මේ මත්පැන් නිෂ්පාදනය කරන්නෙ එක්තරා සහෝදරයන් තිදෙනෙක්. ඔවුන් විවිධ ජාතියෙ නම්දරාපු මත්පැන් නිෂ්පාදනය කරන්න අති දක්ෂයින්. මේ සහෝදර තිදෙනාගෙන් එක්කෙනෙක්ට පණ පොවන්නෙ ට්‍රාන්ෆෝමර්ස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටරග පෑ Shia LaBeouf වෙ.තවද මෙහි නිෂ්පාදන පිරිවැය $ 26,000,000 වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම දැනට ලැබී ඇති මෙම චිත්‍රපටයේ ආදායම වන්නෙ $37,379,144 කි. එමෙන්ම චිත්‍රපටය නිපදවල තියෙන්නෙ Benaroya Pictures ආයතනය විසිනුයි. චිත්‍රපටයක් විස්තර කරද්දි තව හදුන්වා දිය යුතු චරිත කිහිපයක් ඉන්නවා. ඔවුන් ගැන සදහන් නොකරොත් එවිට අප කරන ලොකු මග හැරීමක් කියල කියන්න පුළුවන් ඒ තමයි මෙහි අධ්‍යාක්ෂණය හා රචකයන් ගැන. මොකද ඔවුන් නැත්නම් අපට චිත්‍රපටයකුන් නෑ නෙ. මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ John Hillcoat ඒ වගේම තිර රචනය කරල තියෙන්නෙ Nick Cave .

කතාව පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි දිගහැරෙන්නෙ. ෆ්රෑන්ක්ලීන් කියල නගරයක් තියෙනවා. ඒ නගරයේ ඉන්න මිනිස්සු හරියට කවුබෝයිල වගේ කට්ටියක්. මේ නගරයේ හොදම වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරන කට්ටියක් ඉන්නවා ඒ තමයි මම කලින් කියපු සහොදරයන් තිදෙනා. ඔවුන් කාලයක් යනකොට රජය විසින් ඔවුන්ගෙ නිෂ්පාදන තහනම් කරනවා. පස්සෙ ඔවුන් හොර රහසේ ගුණාත්මක භායයෙන් යුක්තයි කියල මත්පැන් කට්ටියට විකුණුනවා. ඒ අතරේ එක එක ප්‍රශ්න වෙනවා. ඒ ප්‍රශ්න නිසා ඔවුන්ට විශාල වශයෙන් හානි සිදුවෙනවා. ‍ගොඩක් අය කියන්නෙ මේ පවුල හරිම ශක්තිමක් කාටවත් නැතිකරන්න බැරි පවුලක් කියල. ඒත් එක්තරා පුද්ගලයෙක් නිසා ඔවුන්ට විශාල හානියක් සිදුවෙනවා. ඒත් ඒක දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා. එහෙනම් පස්සෙ හොද නිර්මාණයකින් හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි


No comments

Powered by Blogger.