Revolution [2012] Season 1 Episode 10 සිංහල උපසිරැසි සමඟ





ඔන්න එහෙනම් මේ අවුරුද්දට ඔයාලට බලන්න පුලුවන් වෙන අන්තිම රේවලුෂන් කතාමාලාව තමයි අද අරන් ආවේ.2013 ජනවාරි 7 වැනිදා තමයි මේ කතාමාලාවේ මිලග කොටස විකාශනය වෙන්නේ.කතාව මේ තරම් දික්ගස්සන නිසාද මන්දා කතා මාලාවේ රේටින් වල අඩුවිමක් නම් දක්කනට තියනවා.කොහොම උනත් 
අපේ රේවලුෂන් කතා මාලාව රස විදින්න කැමති ඔයාලව අමතක කරන්න බැරි නිසා ඔන්න පුලුවන් තරම් ඉක්මනට සබ් එක දාලා ඔයාලට ගෙනල්ලා දුන්නා.
කතාමාලාව මේ දක්වා බලපු ඔයාලා දන්නවා ඇති චාලි ගේ මල්ලිව ඩැනි විසින් මොන්රෝ පැහැර ගන්නවා.එයාව බේරගන්න චාර්ලි මයිල්ස් ඇතුලු කට්ටිය පිටත් වෙනවා.එයාලා දැන් මොන්රෝ හමුවෙන්න ඇවිල්ලා අවසන් දෙගොල්ලෝ මුණට මුණ මුනගැසෙනවා. මෙතනින් එහාට කුමක් වෙයිද? වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ කුතුහලය එක්කම අරන් බලන්න.කතාව මේ දක්වා ඉවර වෙනකම්ම ඉදලා බලනවා කියලා හිටපු අයට අද කොටසින් ඉවරයි කියලා හිතාගෙන බලන්න ගන්න.
නැත්නම් තව මාස ගානක් බලන් ඉන්න වේවි.එහෙනම් දෙසැම්බර් මාසය පුරාවටම රේවලුෂන් කතා මාලාවෙන් අපි හමුවෙන්නේ නෑ.ආයේ ජනවාරි 7වැනිදා හමුවෙමු.
කතාව ජනවාරි 7 උනාට මගේ 50 වැනි උපසිරැසි ගැන්විමත් එක්ක ඉක්මනටම හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හේෂි පුගේ විසිනි

කතා මාලාව හා සිංහල උපසිරැසි ලබා ගැනිමට මෙතනින් පිවිසෙන්න

No comments

Powered by Blogger.