Sleepless Night [2011] සිංහල උපසිරැසි සමගින්


කොහොමද යාළුවනේ විවේකි ඉරිදා දවසේ ඔයාලට බලන්න පුලුවන් සුපිරි කතාවක් දෙන්න මම හදන්නේ.මේක හැබැයි ඉංග්‍රිසි එකක් නම් නෙමෙයි.
මේක ප්‍රංශ චිත්‍රපටියක්.හැබැයි හොද ක්‍රියාදාම වලින් පිරුණ එකක්.එකයි මේකට හොද ටොරන්ට් එකක් වගේම එක ගන්න හොද සිඩ්ස් ලා පිරිසකුත් ඉන්නේ එක නිසා බය නැතුව මේක අරන් බලන්න.මම මේකේ ලයින් 400ක් විතර දාලා තමයි ඇඩ්මින්ගෙන් ඇහුවේ මේක දෙන්නද කියලා ඔහු කැමති උනා දෙන්න.එක නිසා ඉතුරු ටිකත් කරලා ඔන්න එව්වා.මේකේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම් වින්සන්ට් කියන්නේ පොලිසියේ නිලධාරියෙක්.
මොහු පොලිසියේ උනාට පතාල කල්ලි සමග එකතුවෙලා මත්ද්‍රව්‍ය ජවාරම් කරනවා.දවසක් මෙයයි මෙයාගේ යාළුවයි ප්‍රභල පතාලේ නායකයෙක් ගෙන් මත්ද්‍රව්‍ය ටිකකට වැඩේ දෙනවා.ඒ කිව්වේ පැහැරගන්නවා.මේ ප්‍රභල පතාල කල්ලි නායකයා දැන ගන්නවා තමන්ගෙන් හොරකම් කරපු මත්ද්‍රව්‍ය තියෙන්නේ වින්සන්ට් කියන පොලිස්කාරයා ලග කියලා.ඉතින් ඔහු මේකට කරන්නේ වින්සන්ට් ගේ පුතාව පැහැර ගන්න එක.මෙතනින් පසු කුමක් වෙයිද? ඔයාලා අරගෙනම බලන්නකෝ.අපේ මහන්සියට පොඩි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු නිලංක විසිනි





No comments

Powered by Blogger.