Street Fighter: The Legend of Chun Li [2009] සිංහල උපසිරැසි සමගින්


මාව මතකද දන්නෙත් නෑ කට්ටියට සැහෙන්න කාලේකට පස්සේ චිත්‍රපටියක් අරගෙන නම් නම් එන්නේ.අන්තිමට සබ් එකක් දිලා මාස තුනක් විතර ගියා මම හිතන්නේ.හරි ඔන්න ආපහු මම ආවා.මේක ෆිල්ම් එක නෙමෙයි මම සබ් දදා හිටියේ නමුත් මේක යාළුවෙක්ගේ ඉල්ලිමකට දාන්න හිතුවේ.සමහර විට ඔයාලා මේක බලලා ඇති.නොබලපු අයට ඔන්න ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස නම් මේක මගහැරගන්න එපා.මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ Street Fighter කියන විඩියෝ ක්‍රිඩාව පදනම් කරගෙනයි.එකේ කතාව තමයි මේ චිත්‍රපටියක් විදියට හදලා තියෙන්නේ.සමහර විට ඒ ගේම් එක සෙල්ලම් කරපු අයට නම් මේ චිත්‍රපටය බලන කොට සමහර දේවල් මතක් වෙන්න ඉඩ තියේවි එහෙම උනොත්.

මේ චිත්‍රපටියට උපසිරැසි දාන්න උන අනිත් හේතුව තමයි මේකේ ප්‍රධාන විරයා ගැණු ළමයෙක්. කොහොමත් ගැණු ළමයි දක්ෂයිනේ නේද?
චුන් ලි කියන ගැණු ළමයාගේ ගේ තාත්තා කාරාටි ශිල්පියෙක්.ඔහු විසින් චුන් ලිට සටන් කලාව උගන්වනවා පොඩි කාලේදි.දිනක් මේ ගැණු ළමයාගේ තාත්තාව චුන් ලි පොඩි කාලේම ගෙදරට එන මැරයන් පිරිසක් පැහැර ගන්නවා.ඇයට සහා තාත්තාට කරගන්න දෙයක් නැතිවෙනවා.මොකද මේ මැරයන් බලවත් අය නිසා.අවුරුදු ගානක් ගෙවිලා යනවා.දැන් චු න්ලි තරුණ ගැණුළමයෙක්.ඇයට පණිවිඩක් ලැබෙනවා තමන්ගේ තාත්තා බැංකොක් වල ඉන්න බව ඒ වගේම බැංකොක්වල දරුණුම මැරයා වන බයිසන්ගේ අත්අඩංගුවේ ඉන්නවා කියලා.ඉතින් චු න් ලි තමන්ගේ තාත්තාව බේරගන්න හදනවා.නමුත් චුන් ලි දැනගන්නවා තමන් හැප්පෙන්නේ බැංකොක්වල නෙමෙයි ලෝකේම ප්‍රසිද්ධ නම ගිය අපරාධකාරයෙක් එක්ක කියලා.මේ ගමනට මෙයාට තවත් කෙනෙක් උදව් වෙනවා ගේන්.ඒ දෙන්නාට එකතුවෙලා බයිසන්ට එරෙහිව නැගි සිටින්න පුලුවන් වෙයිද? මේකේ චින සටන් කලාව උපයොගි කරගත්තට නවතම දෘෂ්‍ය ප්‍රයෝග වැනි දැ භාවිතා කරලා තමයි සටන් නිර්මාණය කරලා තියෙන්නේ.සටන් චිත්‍රපටි වලට කැමති අයට මේ චිත්‍රපටියනම් හොද චිත්‍රපටියක් වෙනවා කියලා විශ්වාසයි.මේ චිත්‍රපටියේ චුන් ලි ගේ චරිතය නිරුපණය කරන්නේ මේ දවස් වල විකාශනය වන රුපවාහිනි කතාමාලාවක් වෙන Beauty and the Beast හි ප්‍රධාන චරිතය නිරුපණය කරන Kristin Kreuk විසිනි.එහෙනම් චිත්‍රපටිය අරන් බලන්න.ලගදිම අලුත්ම තවත් ක්‍රියාදාම චිත්‍රපටියක් එක්ක හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සෙනුරි නවෝද්‍යා විසිනි


No comments

Powered by Blogger.