S.W.A.T. [2003] සිංහල උපසිරැසි සමග


චිත්‍රපටියේ නම අහපු සැනින් කතාව ගැන යම් කිසි අදහසක් ඔබට එන්න ඇති.ඒ වගේම මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න එකතුවෙලා තියෙන්නෙත් විශේෂ පිරිසක් ඔවුන් තමයි කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය (STF) පුහුණු පාසලේ ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශයේ පිරිසයි.මම මුලින්ම ඔවුන් සියළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අප වෙබ් අඩවිය ගැන ඔවුන්ගේ සම්පුර්ණ විශ්වාසය තැබිම පිළිබදව.ඒ වගේම ඔවුන්ගේ තවත් විශේෂ වැඩක් ලගදිම අප වෙබ් අඩවිය තුලින් දැකගැනිමට ඔබට හැකියාව ලැබේවි.

චිත්‍රපටිය ගැන පොඩි සාරංශයක් කියනවා නම් ලොව ප්‍රභල මත්ද්‍රව්‍ය ජවාරම් කාරයෙක් සිරබාරයට පත්වෙනවා.මේ අත්අඩංගුවට පත්වෙන මත්ද්‍රව්‍ය ජවාරම් කරු බේරගන්න පුලුවන් කෙනෙක්ට විශාල මුදලක් පිරිනමනවා කියලා ඔහුගේ කණ්ඩායම ප්‍රසිද්ධියට පත්කරනවා.මේ හේතුවෙන් මේ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයාව බේරගන්න ලෝකයේ ඉන්න දරුණුම අපරාධ කල්ලි උත්සහා කරනවා.ඔවුන්ගේ මේ උත්සහායට එරෙහිව නැගි සිටින හා ඔවුන්ගේ උත්සහා ව්‍යාර්ත කරන්න පොලිසිය SWAT එක කැදවනවා.මෙතිනන් පසු කුමක් වෙයිද? චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරන ගමන් ඔබේ රසවින්දනය වෙනුවෙන් මේ චිත්‍රපටිය අප වෙත එවපු කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය (STF) පුහුණු පාසලේ ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශයේ සියළුදෙනා වෙනුවෙන් චිත්‍රපටිය හා ඔවුන්ගේ උපසිරැසි ගැන්විම පිළිබද අදහසක් දක්වන මෙන්ද ඉල්ලා සිටිමු.

අප ලබා දි ඇති BRRIP පිටපතේ භාෂා දෙකක Audio ඇති අතර මුලින්ම යම් එහෙකින් හින්දි භාෂාවෙන් එය ධාවනය වුවහොත් ඔබ බාවිතා කරන පේලේයර් එකේ Settings වෙත පිවිස අනිත් English Audio යන්න Select කරන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ක‍ටුකුරුන්ද පිහිටි ශ්‍රී ලංකා වි.කා.බ. පුහුණු පාසලේ ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශය විසිනි



No comments

Powered by Blogger.