Anacondas: The Hunt for the Blood Orchid [2004]


මෙන්න Special Collection එකේ අංක 5 අරන් ආවා. මේ Anaconda චිත්‍රපටමාලාවේ දෙවැනි චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ නිර්මාණකරුවන් මේකට පළමු චිත්‍රපටියේදි වගේ එක් සර්පයෙක් පමණක් නොයොදා සර්පයින් ගණනාවක් යෙදුවා. සමහරවිට කතාව වඩාත් ජනප්‍රිය කරන්න වෙන්න ඇති. ඒ වගේම හොඳින් ජනප්‍රිය වුණා. මේ කතාව වෙනුවෙනුත් සිංහල පරිවර්ථන කෘති ලියැවුණා. මම කලින් දුන්න Behind Enemy Lines 1,2 සහ මේ Anaconda 1,2 අතර පුංචි සම්බන්ධතාවයකුත් තියෙනවා. Behind Enemy Lines 1වෙනි චිත්‍රපටියේ ප්‍රධාන නළුවා Owen Wilson ඇනකොන්ඩා පළමු චිත්‍රපටියේ රඟපානවා. Behind Enemy Lines 2වෙනි චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වන Nicholas Gonzales ඇනකොන්ඩා දෙවන චිත්‍රපටියේ රඟපානවා. 

කතාව ගැනත් කියන්නම්. ඇමරිකානු සමාගමක් විසින් මිනිස් සෛල දීර්ඝකාලීනව වර්ධනය කර මිනිස් දිවිය වඩාත් දීර්ඝ කිරීමට හැකි විශේෂ ඕකිඩ් මල් වර්ගයක් සොයාගෙන ඇමසන් වනාන්තරයට ගවේෂණ චාරිකාවක් ආරම්භ කරනවා. මේ කණ්ඩායමට විවිධ වෘත්තිකයින් කිහිප දෙනෙක් ඇතුල් වෙනවා. ඒ අතරින් වෛද්‍ය බෙන් ඩග්ලස් (Nicholas Gonzales) එක් දිනක් රාත්‍රී ආහාරය සූදානම් කර අනෙක් අයට පිළිගැන්වූවිට අනෙක් අය මෙහෙම කියනවා.

“මේක නම් නියම කෑමක්,
කොහෙන්ද ඔයා මේවා උයන්න ඉගෙනගත්තේ?“

“මේ කෑම වට්ටෝරුව උයන්න මම ඉගෙනගත්තේ ශ්‍රී ලංකාවෙදි“

මේ කණ්ඩායම අවසානයේදි ඒ මල් විශේෂය සොයාගෙන එතැනට ගියත් ඉතා දරුණු යෝධ ඇනකොන්ඩාවන්ගේ ප්‍රහාරයට ලක්වෙනවා. සර්පයින් එකෙක් විතරක් නෙමෙයිනේ ඉන්නේ.... කොහොමහරි අවසානයේදී ඔවුන් කිහිපදෙනෙක් ජීවිත බේරාගැනීමට සමත් වෙනවා. හැබැයි මේ ඕකිඩ් මල් විශේෂය නිසා ඇනකොන්ඩා තුන්වෙනි චිත්‍රපටයක් ආරම්භ වෙයි කියලා සමහරවිට ඇනකොන්ඩා චිත්‍රපටියේ නිර්මාණකරුවන් වත් නොසිතන්න ඇති. ඒත් පස්සේ ඔවුන් ඒ දේ කළා. එහෙනම් ඒ චිත්‍රපටියෙන් පසුව හමුවෙමු

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි


No comments

Powered by Blogger.