Arrow [2012] Season 1 Episode 8 සිංහල උපසිරැසි සමඟ


මුලින්ම සමාවෙන්න ඕනේ මේ කොටස ගේන්න ටිකක් ප්‍රමාද වුනාට. අතිශය කාර්යබහුල මොහොතක තමයි මේ වැඩේ කරන්න සිද්ද වුනේ. නමුත් මේකට සෙනුරිත් උදවු වෙච්ච නිසා, පැය කිහිපයකින් සබ් එක දාන්න පුළුවන් වුනා. ගිය සතියෙ ඔබ කතා බැලුවනම් මතක ඇතිනේ , හෙලේනා ඔලිවර් ගේ රහස දැනගන්නවා කියල. ඉතින් මේ කොටස තුලින් ඔලිවර් ට උවමනා වෙනවා ඇයව දුනු සහ ඊතල වලින් පුහුණු කරලා අයගේ අතින් මිනිසුන් මිය යෑමට තියෙන අවස්තාව අවම කරන්න. නමුත් වැඩේ හිතපු තම ලෙහෙසි වෙන්නේ නැහැ. මොකද අයගේ චේතනාව ඔලිවර් ගේ චේතනාවට වැඩිය ටිකක් වෙනස් නිසා. ඒ වගේම ඔලිවර් ගේ මව ගැන රහස් කිහිපයක් සහ අබිරහස් පොතක් ගැන මෙම කොටසින් ඔබට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කොටසත් රසවිඳින්න කියලා කියන ගමන්, උපසිරසියට පොඩ්ඩක් ප්‍රමාදවීම ගැන කණගාටුව පළකරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදා විසිනි


No comments

Powered by Blogger.