Behind Enemy Lines 2 [2006] සිංහල උපසිරැසි සමගින්


Special Collection අංක 02:
මෙන්න මම කිව්වා වගේම Behind Enemy Lines දෙවන චිත්‍රපටිය අරගෙන ආවා. මෙකත් ඉතා ජනප්‍රිය වූ චිත්‍රපටයක්. ඉතා දක්ෂ, ඇමරිකානු සීල් නාවික හමුදාවේ හමුදා මෙහෙයුමක් තමයි මේ චිත්‍රපටියේ තිබෙන්නේ. මේ චිත්‍රපටියෙන් පස්සේ ඇමරිකානු සීල් නාවික හමුදාවත් ලෝකයේ ජනප්‍රිය වුණා ඉතා ඉහලින්. ඔවුන් තමන්ගේ සංකේතය ලෙස යොදාගන්නේ හුරුබුහුටි සීල් මත්ස්‍යෙයක්ගේ පින්තූරයක්. මේ නිසා එහි යම් රසවත් බවකුත් තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියෙන් පස්සේ ඇමරිකාව නිපදවූ බොහෝමයක් හමුදා චිත්‍රපටි සඳහා සීල් නාවික හමුදාව යොදාගැනීමට ඔවුන් උත්සාහා කළා. ඒ චිත්‍රපටිත් බොහෝ සෙයින් ජනප්‍රිය වුණා.
මේ චිත්‍රපටියේ තිබෙන්නේ මෙහෙම කතාවක්, උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා, මේ ගැන දැනගන්නා ඇමරිකාව, එය ලෝකයට උවදුරක් සේ සලකා එම ව්‍යාපෘතිය විනාශ කිරීමට ඇමරිකානු සීල් නාවික හමුදාවේ පිරිසක් උතුරු කොරියාවට යවනවා. හදිසි තත්වයක් නිසා මෙහිදී උතුරු කොරියාවට ගොඩබෑමට සිදුවන්නේ සොල්දාදුවන් හතරදෙනෙක්ට පමණයි. ඔවුන් ඔවුන්ගේ කාර්යය ඉටුකරන ආකාරය තමයි මේ චිත්‍රපටියේ දිවෙන්නේ. ඕනෑම දෙයකින් ලබන පුහුණවක්, ප්‍රායෝගිකව තමන්ට කොයිතරම් වැදගත් වෙනවාද යන කාරණාව මෙහිදී හොඳින් විදහාපානවා. මෙම චිත්‍රපටියේ දී දකුණු කොරියාව තමන්ගේ සහයෝගය ලබාදෙන්නේ ඇමරිකාවටයි. කෙසේ හෝ අවසානයේදී මේ චිත්‍රපටියෙනුත් සාමයේ වටිනාකම අපට හොඳින් තේරුම් ගන්න පුළුවන්. හැමෝම බලන්න, මේ චිත්‍රපටියේ තුන්වන කොටස සමගින් ඉක්මනින් හමුවෙන්නම්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි


1 comment:

  1. SEAL කියන්නේ දියෙන් , ගුවනින් හෝ ගොඩ බිමෙන් ගොස් පහර දෙන කියන අර්තයයි.
    SEA , Air ,Land Team

    ReplyDelete

Powered by Blogger.