Behind Enemy Lines [2001] සිංහල උපසිරැසි සමගින්


ඔන්න යාලුවනේ ආයෙත් වතාවක් මම උපසිරැසියක් අරන් ආවා. විශේෂ පණිවිඩයකුත් එක්කයි ආවේ... මොකක්ද ඒ? මේ දෙසැම්බර් මාසය අපි හැමෝටම විශේෂ මාසයක්නේ... අපි හැමෝටම අලුත් අවුරුදු, ගොඩක් අයට නත්තල්, නංගිලා මල්ලිලාට පාසැල් නිවාඩු, හැමෝටම විශේෂයි. මේ විශේෂ මාසයේ මම විශේෂ තෑග්ගක් අරන් ආවා, ඒ තමයි ලෝකප්‍රකට චිත්‍රපටි මාලාවකම සිංහල උපසිරැසි ඔයාලට මේ මාසය තුළදී ලබාදෙන එක. ඒක මම නම් කරන්නේ Special Collection කියලා.මේ තියෙන්නේ මගේ Special Collection අංක 01 :

මේ ගෙනෙන්නේ ලෝකප්‍රකට Behind Enemy Lines චිත්‍රපටමාලාවේ පළමුවැන්නයි. ඔයාලා ගොඩක් අය Commandos පරිගණක ක්‍රීඩාව ක්‍රීඩාකර ඇති බව මම දන්නවා. අන්න ඒ ක්‍රීඩාව ඇසුරින් නිර්මාණය වුණ මේ චිත්‍රපටය 2001 වර්ෂයේ ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට සමත් වුණා. යුද්ධයේ ඇති බිහිසුණු බව, සාමයේ ඇති වටිනාකම හොඳින් විදහාපාන මේ චිත්‍රපටියේ ඉතා හොඳ යුධ ගැටුම් අඩංගු වෙනවා. මෙහි අභ්‍යන්තර කතාව දිවයන්නේ ගුවන් නියමුවන් දෙදෙනෙකු වාටායි, ඔවුන් දෙදෙනා කනත්තක ඡායාරූප ගැනීමේ මෙහෙයුමක් සඳහා ගුවන් යානයකින් වෙනත් රටකට යනවා, ඒ වකවානුව දෙරටේ සටන් විරාම කාලයක් වුණත්, ඒ රටේ හමුදාව විසින් මිසයිල ගසා මේ ගුවන් යානය බිම හෙලනවා, එහි නියමුවා ඔවුන් විසින් මරාදැමුවත් සහායක නියමුවා දිවි ගලවාගන්නවා, ඉන්පසුව තමන්ගේ හමුදාව ඇවිත් තමාව බේරාගන්නා තෙක්, ඔහු සතුරු රටේදී දිවි බේරාගන්නා ආකාරයයි මේ චිත්‍රපටිය් දිවෙන්නේ... මෙයාගේ ප්‍රධාන සතුරත් ලේසි පහසු කෙනෙක් නෙමෙයි, විශේෂයෙන් පුහුණු කළ ස්නයිපර් භටයෙක්, ඉතා දක්ෂ ලෙස ඔහුගෙනුත් බේරිලා අවසානයේ තමන් පැමැණි කාර්යය ඉටුකර නැවත බේරීයන ආකාරය මේ චිත්‍රපටියේ විදහා දැක්වෙනවා. ලොකු කුඩා හැමෝටම ඉසා රසාස්වාදයෙන් බලන්න පුළුවන් මේ චිත්‍රපටියේ ජනප්‍රියතාවය නිසාම මේ චිත්‍රපටියේ දෙවන සහ තෙවන කොටස් පසුව නිශ්පාදනය වුණා... මුලින්ම මේක අරන් බලන්නකෝ... ඒ දෙවන සහ තෙවන චිත්‍රපටි සමගින් ඉක්මනින් හමුවෙමු!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි


No comments

Powered by Blogger.