Behind Enemy Lines III: Colombia [2009] සිංහල උපසිරැසි සමගින්


මෙන්න අරන් ආවා Behind Enemy Lines තුන්වන චිත්‍රපටිය. මේ චිත්‍රපටියත් ඉතා ඉහලින් ජනප්‍රිය වුණා. නැවතත් ඇමරිකානු සීල් නාවික හමුදාවේ මෙහෙයුමක් දැක්වෙන මේ චිත්‍රපටිය වෙනත් හමුදා චිත්‍රපටියක දක්නට නොලැබුණු අත්දැකීමක් ලබාදෙන චිත්‍රපටියක්. ඒ තමයි පාර්ශව තුනක යුද්ධයක්. රටක පාවාදෙන්නන් සිටින විට ඔවුන් නිසා රටට කොයිතරම් හානියක් වෙනවාද යන කරුණ මෙහිදී හොඳින් දැක්වෙනවා. ගොඩක් දුකහිතෙන සංවේදී තැන් කිහිපයකුත් මෙහි අඩංගු වෙනවා. 
මේ කතාව මෙහෙමයි,
කොලොම්බියානු ෆාක් ගරිල්ලන් ගැන ගොඩක් අය අහලා ඇති. ඒ ගරිල්ලා හමුදාව සහ කොලොම්බියානු හමුදාව අතර සිදුවන රහස් කතාබහක් රූගත කිරීමට ඇමරිකානු සීල් නාවික හමුදාවේ අති දක්ෂ සොල්දාදුවන් පිරිසක් කොලොම්බියාවට පිටත් කරනවා. එහෙත් රූගතකිරීමේ යෙදී සිටින විට ඔවුන් නොසිතන දෙයක් සිදුවෙනවා. ඒ වෙනත් පාර්ශවයකින් සිදුකරන පහරදීමක්. එයින් පසුව සීල් සොල්දාදුවන් නොහිතන අරුම පුදුම සිදුවීම් ගොඩකට මැදිවෙලා අවසානයේ ලොකු අමාරුවක වැටෙන්න යනවා. යන්තමින් එයින් බේරී ඔවුන්ත් ජීවිත බේරගන්නා ආකාරය තමයි මෙහි දැක්වෙන්නේ. යුධ චිත්‍රපටි සමහර අය බැලීමට අකමැති වුණත් මේවායේ අරමුණ ලෝකයට සාමයේ වටිනාකම තේරුම් කර දීම බව අපි වටහාගන්න ඕනේ. අපේ රටට සාමය ලබාගැනීමට හැකිවුණත්, ත්‍රස්තවාදය තවමත් තිබෙන රටවල් ඇති බවත්, එහි බලපෑමත් මේ චිත්‍රපටි මාලාවෙන්ම අපට තේරුම්කර දෙනවා. හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්, මගේ විශේෂ එකතුවේ මීලඟ චිත්‍රපටි මාලාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් පොඩ්ඩකට සමුගන්නම්...

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි


No comments

Powered by Blogger.