Dabangg [2010] සිංහල උපසිරැසි සමගින්


"ආයුබෝවන් යාළුවනේ මම මගේ දෙවැනි උපසිරැසි නිර්මානයත් ඔන්න අරගෙන ආවා.WANTED එකට සබ් ලිව්වට පස්සේ ටිකක් කල් ගියා මේක අරං එන්න. අද නං අරං ආවේ සල්මන් ඛාන්ගේ තවත් සුපිරිම ෆිල්ම් එකක්. ඇත්තටම සබ් ලියන්න මම පෞද්ගලිකව ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් මේක.

මේ කතාව ගැන කියනවනං මේකත් කුඩා කාලේ ගෙදරින් හරියට ආදරය කරුණාව නොලැබිච්ච පොලිස් නිළධාරියෙක් වටා ගෙතිච්ච කතාවක්. මේ කතාවත් කම්මැලි නැතුව බලන්න පුළුවන් කතාවක් කියලා කියන්න පුළුවන්. සල්මන් ඛාන්ට අමතරව සොනක්ෂි සින්හා, විනෝද් කුමාර් වගේ දක්ෂ නළු නිළියෝ රඟ පාන අතර මේ කතාව තමයි සොනක්ෂි සින්හා ගේ පළමුවෙනි චිත්‍රපටිය. 

මේ කතාව IMDB 6.3 ක අගයක් අරං තියෙනවා. ඔන්න මගේ මුල් නිර්මානයට වගේම මේකෙත් සින්දු වලට සබ් දැම්මා.එහෙනම් යාළුවනේ ෆිල්ම් එක බලලා හොඳ නරක ලියලා යන්නත් අමතක කරන්න එපා කියමින් ගිහිං එන්නම්"

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ටීෂාන් කාවීන්ද්‍ර විසිනි


No comments

Powered by Blogger.