Deadfall [2012] සිංහල උපසිරැසි ගැන්විමක්





ටික කාලයකට පස්සේ අලුත්ම අලුත් චිත්‍රපටියකට උපසිරැසි දෙන්න අදහසක් ආවා.එකට මම තොරගත්තේ 2012 වසරේ නිකුත් උන සුපිරිම චිත්‍රපටියක්.
මෙයට IMDB හි 6.4ක අගයක් හිමිකරගන්න සමත්වෙලා තියනවා.මෙහි Eric Bana Olivia Wilde වගේ නළු නිළියන් රංගනයෙන් දායකත්වය දක්වනවා.කතාව මෙහෙමයි ඇඩිසන් හා ලිසා කියන්නේ සහෝදරයෙක් හා සහෝදරියක්.මොවුන් දිනක් සමාජ ශලාවක් (කැසිනෝ හලක්) මංකොල්ල කනවා.මොවුන් විශාල මුදලක් කොල්ලකාලා වේගයෙන් පලායනවා.ඒ ශිත කාලය නිසා පාරේ හිමවැටිලා මාර්ගය ලිස්සන ස්වාභාවයෙන් තමයි තියෙන්නේ.නොසිතු විරු වෙලාවක මොවුන් යන වාහනය අනතුරකට පත්වෙනවා.ඇඩිසන් හා ලිසාට කිසිදු අනතුරක් වෙන්නේ නම් නැහැ.ඇඩිසන් කියන්නේ ටිකක් දරුණු චරිතයක්.ඔවුන් දෙදෙනවා කැනඩාවට පැනයන්න තමයි උත්සහා කරන්නේ මේ ගමනේදි ඔවුන්ට ජේ නම් තරුණයෙක් මුණ ගැහෙනවා.එතැනින් පසු කතාව වෙනස්ම ආකාරයට දිව යනවා.... තව දෙයක් අනිවාර්යෙන් කියන්න ඕන මේ චිත්‍රපටියේ තියන සමහර දර්ශන නිසා අනිවාර්යෙන් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක් ලෙස කියන්න ඕන.


 පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි



No comments

Powered by Blogger.