Die Hard [1988] සිංහල උපසිරැසි සමඟ


මේ චිත්‍රපටය මුල්වරට තිර ගතකරල තියෙන්නෙ 1988 ජුලි 15 දින , වැඩේ කියන්නෙ එතකොට මම ඉපදිලාවත් නැහැ. මේ Die Hard (1988) චිත්‍ර පටය Action | Thriller කාණ්ඩය යටතේ විනාඩි 131ක ධාවන කාලයක් පුරා දිවයනවා.කතාවට පාදකවෙන්නෙ නිව් යෝක් පොලිස් අංශයට අනුයුක්තව සේවය කරන ජෝන් මැක්ලේන් නැමැති පොලිස් භටයෙක් සහ ඔහුගේ නොහික්මුණු හැසිරීම් රටාව හා සම්බන්ධවයි. මේහි කියවෙන කතාවට අදාල සිද්දිය සිදුවෙන්නෙ නත්තල් දිනට පෙර දිනයෙ. ජෝන් මැක්ලේන්ගෙ බිරිය "හොලී ජෙනේරෝ" සේවය කරන සේවා ස්ථානයේ පවත්වන සාදයකට, ජෝන්ගේ බිරිඳ "හොලී"ගෙ ආරාධනාවකට ජෝන් මැක්ලේන් එම සාදය සඳහා සහභාගීවනවා. සාදය පැවැත්වෙන නකටොමී ප්ලාසා ගොඩනැගිල්ල ත්‍රස්තවාදී පිරිසක් අතට පත්වීමත්, හොලී මැක්ලේන් සහ තවත් 30කට වැඩි පිරිසක් ප්‍රාණ ඇප කරුවන්ලෙස ත්‍රස්තවාදීන් විසින් රඳවාගෙන සිටිනවා. එම ගොඩනැගිල්ලේම සිටින ජෝන් තම බිරිය සහ පිරිවර ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගැනීමට දරන අසීරු ප්‍රයත්නය මෙම කතාව පුරා ගලා යනවා.කතාවේ එක් තැනකදී ශ්‍රී ලංකාවේ නමද කියවෙනවා ඔබට ඇසේවි. IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 10න් 8.5ක්ම හිමිකර ගෙන තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කර ඇත්තේ "ජෝන් මැක්ටයනන්" විසිනි.රොඩ්‍රික් ට්‍රෝප් ගේ නවකතාවක් පාදක කොට ගනිමින් ජෙබ් ස්ටුවඩ් ගේ තිර රචනයෙන් හැඩවී බෲස් විල්ස්ගේ සුපිරි රංගනයෙන් ඔපවත් වී 1988 දී නිමැවුනු Die Hard පළමු චිත්‍රපටයේ සිංහල උපසිරැසි දයාබර සහෘද ඔබගේ රස වින්දනයට භාරයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නුවන් අබේසිංහ විසිනි



No comments

Powered by Blogger.