Die Hard 2 [1990] සිංහල උපසිරැසි සමගින්


ඔන්න ඉතින් Die Hard දෙවැනි චිත්‍රපටයත් අරගෙන මම ආයෙමත් ආව. Die Hard පළමු චිත්‍රපටය නරඹපු ඔයාලට එහි දෙවැනි ච්ත්‍රපටයත් අරගෙනැන්නෙ මේ චිත්‍රපටයේ තියෙන ත්‍රාසය නිසාමයි.මේ චිත්‍රපටය මුල්වරට තිර ගතකරල තියෙන්නෙ 1990 ජුලි 04 දින ඇමරිකාවෙදි. Action | Crime | Thriller කාණ්ඩය යටතේ විනාඩි 124 ධාවන කාලයක් පුරා මෙම චිත්‍රපටය ගලාගෙන යනව.යම් කෙනෙක් කලින් චිත්‍රපට නැරඹුවෙ නැතත් මේක නරඹන්න පුලුවනි එකිනෙකට කතාව ලොකු සම්බන්ධයක් නෑ ප්‍රධාන සිදුවීම හැම චිත්‍රපටයකම අවසන් වන නිසා.

මම මේ චිත්‍රපටයේ කතා සාරාංශය ඔයාලට මෙන්න මෙහෙම ගෙන එන්නම්,ජෝන් මැක්ලේන් නිව්යෝක් පොලිස් ස්ථානයේ ඉදල ලොස් ඇන්ජලීස් පොලිස්ථානයට මාරුවක් ලැබිල එනව. ඉතින් එයාගෙ බිරිඳ හොලී එනතෙක් ඔහු ඩල්ස් ගුවන් තොටුපලේ රැඳිසිටින කොට , මත් ද්‍රව්‍යජාවාරම් කාර ජෙනරාල් එස්පරෙන්සෝ ඇමරිකාවට සිරකරුවෙකු ලෙස රැගෙන එනවා එය පසු පස ලොකු සැලසුමකින් තම නායකයා සිරභාරයෙන් මුදවා ගැනීමට සැරසෙන කර්නල් ස්ටුවර්ඩ් ඇතුලු පිරිසට විරුද්ධව සටන් වදින ජෝන් මැක්ලේන් ගැනයි මේ කතාව.කතාව කියන්න ගියොත් දිග වැඩියි. මේ කතාව සිදුවෙනෙත් නත්තල් මාසයේම වීමත් විශේෂත්වයක්. 

IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 10න් 7.1ක්ම හිමිකර ගෙන තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කර ඇත්තේ "රෙනී හාලින්" විසිනි.වෝල්ටර් වෙගර් ගේ නවකතාවක් පාදක කොට ගනිමින් ස්ටීවන් ඊ ඩෙ සොඋසා ගේ තිර රචනයෙන් හැඩවී බෲස් විල්ස්ගේ සුපිරි රංගනයෙන් ඔපවත් වී 1990 දී නිමැවුනු Die Hard දෙවැනි චිත්‍රපටයේ සිංහල උපසිරැසි දයාබර සහෘද ඔබගේ රස වින්දනයට භාරයි.

Die Hard 3: With a Vengeance (1995) චිත්‍රපටය සමග හමුවෙමු. 
නුවන් අබේසිංහ|CREATIVEN@ZOOM.LK

අප ලබා දි ඇති ටොරන්ට් එකේ මේ චිත්‍රපටි මාලාවේ කොටස් 4ම අඩංගු බැවින් ඔබට අවශ්‍ය කොටස පමණක් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නුවන් අබේසිංහ විසිනි



No comments

Powered by Blogger.