Die Hard: With a Vengeance [1995] සිංහල උපසිරැසි සමගින්


Die Hard තෙවැනි චිත්‍රපටයත් අරගෙන මම ආයෙමත් ආව ඔයාල හමුවට. Die Hard පළමු සහ දෙවැනි චිත්‍රපටි නරඹපු ඔයාලට එහි තෙවැන්නත් අරගෙන එන්න මම තීරණය කලා. මේ චිත්‍රපටය මුල්වරට තිරගතකරල තියෙන්නෙ 1995 මැයි මාසෙ 19 දින ඇමරිකාවෙදි. Action | Crime | Thriller යන කාණ්ඩ යටතේ විනාඩි 131ක ධාවන කාලයක් පුරා මෙම චිත්‍රපටය ගලාගෙන යනව. මේ චිත්‍රපටය හා බැඳෙන දුෂ්ට චරිතය "සයිමන්" කලින් සිදුවීමක් එක්ක යම් සම්බන්ධයක් පවතිනව,ඒත් යම් කෙනෙක් කලින් Die Hard චිත්‍රපට නැරඹුවෙ නැතත් මේක නරඹන්න පුලුවනි එකිනෙකට කතාව ලොකු සම්බන්ධයක් නෑ කලින් කිව්ව වගේ ප්‍රධාන සිදුවීම හැම චිත්‍රපටයකම අවසන් වන නිසා.

මම මේ චිත්‍රපටයේ කතා සාරාංශය මෙහෙමයි, ජෝන් මැක්ලේන් නිව්යෝක් පොලිස් ස්ථානයේ ඉදල ලොස් ඇන්ජලීස් පොලිස්ථානයට මාරුවක් ලැබිල ආව ඔයාලට මතක ඇති. එහෙම ඇවිත් දැන් ලොකු කාලයක් එයා ටිකක් බීමටත් ඇබ්බැහිවෙලා අපේ භාෂාවෙන් කියනවනම් චාටර් වෙලා ඉන්නෙ, පොලිසියෙනුත් අතෑරලා දාල තියෙන ජෝන්ව හොයාගෙ එන ඇමතුමක් ජෝන්ව සෙල්ලමට ගන්නව හරි අපූරු විදියට, ඒකට තව කෙනෙකුත් එකතුවෙනව අන්තිමට මිනිහත් මේ කතාව ඉවරවෙනකම්ම හොද කට්ටක් කනව,කොහොම හරි නගරය පුරා පිපිරීම් ඇතිවෙන විදිහෙ සැලසුමකුත් එක්කම මේ කතාවෙ නපුරු දුෂ්ට චරිතය ජෝන්ව කලින් කිව්ව වගේ සෙල්ලමට අරං කරන්න හදන්නෙ පොලිස් සේනාවම අල්ලෙ නටවන එක,ඒක විතරක්ම නෙමෙයි ඔහුගෙ අරමුණ ලොකු මංකොල්ල කෑමක්. ඒක හරි අපුරු විදියට මේ චිත්‍රපටය පටන්ගෙන අවසන් වෙනකල්ම ත්‍රාසය කැටිකරන්න හේතුවක් වෙන බවත් කියන්නම ඕන, අපි බලමු ජෝන් එයාට පැවරන වැඩ කොටස කරගනීද අනාගනීද කියල , ඒ විතරක්ම නෙමෙයි කතාවෙ දුෂ්ට චරිතය "සයිමන්" එයාගෙ අරමුණ ඉටුකර ගනීද නැද්ද යන වගත්. 

IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 10න් 7.5ක්ම හිමිකර ගෙන තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කර ඇත්තේ "ජෝන් මැක්ටයනන්" විසිනි.ජොනතන් හෙන්ස්ලි සහ රොඩ්‍රික් ට්‍රෝප් ගේ කතාව සහ තිර රචනයෙන් හැඩවී බෲස් විල්ස්ගේ සුපිරි රංගනයෙන් ඔපවත් වී 1995 දී නිමැවුනු Die Hard තෙවැනි චිත්‍රපටයේ සිංහල උපසිරැසි දයාබර සහෘද ඔබගේ රස වින්දනයට භාරයි.

Die Hard 4: Live Free or Die Hard (2007) චිත්‍රපටය සමග හමුවෙමු. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නුවන් අබේසිංහ විසිනි


No comments

Powered by Blogger.