Dredd 3D [2012] සිංහල උපසිරැසි සමගින්


මේක මගේ 50 වෙන් උපසිරැසි නිර්මාණයි. 2012 අගෝස්තු 1 වෙනිදා තමයි මම සූම් එකේ රෙජිස්ටර් උනේ . අවරුද්දයි මාස 4 වගේ කාලයකදි සබ් 50 ක් දෙන්න පුළුවන් උනා දවස් කීපයක් ගියාට පස්සේ මේකේ තිබුණ ත්‍රේඩ් එකකින් තමයි උපසිරැසි නිර්මාණය කරන ආකාරය ගැන විස්තර දැනගත්තේ.ඉතින් මගේ මුල්ම උපසිරැසිය ලෙස අවුට් ලෑන්ඩර් ෆිල්ම් එකට සබ් දැම්මා . සබ් එක ඩවුන්ලෝඩ් කල ප්‍රමාණය 100 ඉක්මවා යනකන් මාසයක් විතර බලාගෙන ඉන්න උනා ඒ ඒ දවස්වල, දැන් සූම් එකේ කවුරු සබ් එකක් දැම්මත් දවසෙන් දෙකෙන් ඩවුන්ලෝඩ් ප්‍රමාණය 1000, 2000 පනිනවා .
ඉතින් මගේ උපසිරැසි 50 ලබාදෙන්න උදව්කල හැම කෙනෙක්ටම ස්තූතියි . මාත් එක්ක උපසිරැසි නිර්මාණය කල අනිත් මිතුරන්ටත් ස්තූතියි .ඒවගේම මගේ මුල්ම උපසිරැසියට මුල්ම කමෙන්ට් එක දැම්ම පනිෂර්වත් , මාව කමෙන්ට් වලින් ධෛර්‍යමත් කල හැම දෙනාටමත්, හැම ප්‍රශ්ණයකදිම අතහිත දුන් සූම් HEDZ ටත් ගොඩක් ස්තූතියි . මගේ උපසිරැසි 50 එකම තැනකින් විතරයි ගන්න පුළුවන්, ඒ සූම් එකෙන් විතරයි ඉදිරියේදිත් සූම් එකෙන් මගේ සබ් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම් , මෙම චිත්‍රපටය ක්‍රියාදාම , අපරාධ ගණයට අයත් වන්නේ . IMDb අගය 7.6 ලබාගෙන තියෙනවා.ආනාගත ඇමෙරිකාව ප්‍රවිකිරණය වු මුඩු බිමක් බවට පත්වෙනවා. බොස්ට්න් සිට වොෂින්ටන් දක්වා කොටස මෙගා සිටි වන් ලෙස හදුන්වනවා ඉතින් මේ නගරය අපාරාධ වලින් පිරුණු , මත්ද්‍රව්‍ය වලින් පිරුණු නගරයක්. මෙහි නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නේ නාගරික පොලිස් කණ්ඩායමක් , ඔවුන්ට කියන්නේ විනිසුරුවන් කියලා (judges) මේ මෙගා සිටි වන් කියන නගරය පාලනය කරන්නේ මා- මා කියන කාන්තාවකගේ ගැන්සිය . ඔවුන් තමයි නගරයට මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙත් නගරයේ අපරාධ සිදුකරන්නෙත් .දවසක් විනිසුරු ඩ්‍රෙඩ්ට සිදුවෙනවා ඇන්ඩර්සන් කියන ආධුනික විනුසුරුවරියක් අධීක්ෂණය කරන්න . ඔවුන් දෙන්නට මෙගා සිටි වන් වල අපරාධයක් ගැන විමර්ෂණය කරන්න සිදුවෙනවා එහි ගොඩනැගිල්ලක් තුලදි මා-මා කණ්ඩායමෙන් ඔවුන් දෙදෙනා පහර දීමකට ලක්වෙනවා .ඉතින් ඔවුන් දෙන්නට දිවිගලවගෙන එම ගොඩනැගිල්ලෙන් පිටවෙන්න පුළුවන් වෙයිද ? 
ජයවේවා 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි


No comments

Powered by Blogger.