House At The End Of The Street [2012] සිංහල උපසිරැසි සමගින්


අම්ම සහ දුව නගරයේ ඉඳලා නගරයෙන් ටිකක් දුර නන්නාදුනන පැත්තකට ජිවත් වීමට පැමිණෙනවා. ඔවුන්ට ජිවත් වෙන්න වෙන්නේ, මිනීමැරුම් දෙකක් සිදුවුණු නිවසකට යාබදවයි. එම නිවාස තුල ජීවත්වූ පවුලේ දෙමවුපියන් දෙපලම එම පවුලේ දුව විසින් මරා දමා තියෙනවා. නමුත් මිනී මැරුමෙන් පස්සේ එම දුව පොලිසියට හෝ කිසිවෙකුටවත් සොයාගන්න හැකිවෙන්නේ නැහැ. ඒ නිසාම නගරවැසියන් විශ්වාස කරනවා ඇය තවමත් කැලය තුල ජිවත් වෙනවා කියලා. ඔය අතර එම පවුලේ ජීවත්වුණු පුතා වන ජේක් එම නිවාස තුල ජිවත් වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. නගරයට අලුතින් පැමිණි මව සහ දුවට ජේක් විසින් යම් සිද්දියකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔන්න ඕක තමයි මේ චිත්‍රපටයේ කතා මූලය.

මතකද Jennifer Lawrence ව ? අපි උපසිරසි සමඟ ලබාදුන් The Hunger Gamesචිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපෙවුවේ ඇයයි. ඇය ලොව තමයි දැනට ඉන්න තරුණ නිලියන් අතුරින් (අවු. 22යි) ලොව වැඩිම ආකර්ෂණයක් ඇති නිලියක්. ඇය රංගනයෙන් දායකවුනු Winter's Bone චිත්‍රපටය වෙනුවෙන් ඇයට සම්මාන රැසක් ලැබුනා. ලොව චිත්‍රපටි රසිකයන් ඇය ගැන කතා බහ කරන්න පටන් ගත්තෙත් එම චිත්‍රපටයෙන් පසුවයි. පසුව The Hunger Games චිත්‍රපටය තුලිනුත් ඇය කොතරම් දක්ෂ නිළියක්ද කියා ඇය ලොවටම පෙන්වූවා. ඒ නිසාම තමයි ලබන වසරේ The Hunger Games චිත්‍රපටයේ දෙවෙනි කොටසත් නිපදන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඇය ගේ රංගනයත් සමඟ මේ තරමක් වෙනස් චිත්‍රපටය නරඹන්න කියල සැමට කියනවා. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි


No comments

Powered by Blogger.