PREMIUM RUSH [2012] සිංහල උපසිරැසි සමගින්


ඔන්න තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා මේකනම් අලුත්ම අලුත් එකක්.මේක මගේ 12වැනි උපසිරැසි ගැන්විම.මේ අවුරුද්දට දෙන 12වැනි එක. අවුරුද්දටම ෆිල්ම් 12යි නේද දිලා තියෙන්නේ  මේකට උපසිරැසි කරන්න උදව් උන මහේෂිටත් ගොඩාරියක් ස්තුතියි.මට ගොඩාක් ඉක්මනට උපසිරැසි දාන්න බැ එක නිසා එයා උදව් කලේ නැත්නම් මේක අදවත් දෙන්න වෙන්නේ නැහැ.

මේ කතාව පොඩ්ඩක් වෙනස් එකක්.මේකේ නිව්යොර්ක් නගරයේ හවස 4 ඉදන් රැ 7 වෙනකම් උන සිද්දිමාලාවක් වටා තමයි කතාව ගෙතෙන්නේ.
නිව්යොර්ක් නගරයේ ප්‍රවාහන කණ්ඩායමක් ඉන්නවා.ඔවුන් යන්නේ බයිසිකල් වලින්.ඕනැම දෙයක් හරි වෙලාව ඇතුලත ඔවුන් අවශ්‍ය තැනට ගිහින් දෙනවා.මේ කට්ටිය අතර ඉන්න හොදම කෙනෙක් තමයි වයිලි කියන්නේ.එයාට දවසක් පොඩි ලියුමක් ලැබෙනවා ඩිලිවරි කරන්න.ලියුම පොඩි එකක් උනාට මෙයාට මෙකෙන් ලොකු කරදරයක පැටලෙන්න වෙනවා.මෙයාගේ පස්සෙන් මනුස්සයෙක් පන්වනවා.එයාට මේ ලියුම ඕන වෙලා.ඔහු හදන්නේ මේ ලියුම වයිලිගෙන් හොරකම් කරන්න.ඇත්තටම කවුද මේ මනුස්සයා කියලා දැනගත්තම වයිලි තවත් ප්‍රශ්න ගොඩන පැටලෙනවා.මේ කතාව කම්මැලි කමක් නැතුව ඔබට නරඔන්න පුලුවන් වෙයි කියලා මම අනිවාර්යෙන් විශ්වාස කරනවා.කතාව තව දුරටත් විස්තර කරන්නේ නෑ.මොකද වයිලිගේ පස්සෙන් පන්නන්නේ කවුද කිව්ව ගමන් ඔයාලට කතාවේ රසය නැති වෙනවා.මේ ලියුමේ මොනාද ඇත්තටම තියෙන්නේ?එකත් ඔයාට දැනගන්න ලැබේවි ෆිල්ම් එක බැලුවම.මේක පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.මේකේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ The Dark Knight Rises චිත්‍රපටියේ රොබින්ට රගපාපු හා Looper වැනි චිත්‍රපටි වල ප්‍රධාන චරිතය නිරුපණය කරපු Joseph Gordon-Levitt විසිනි.චිත්‍රපටිය අරගෙන බලලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සෙනුරි නවෝද්‍යා විසිනි


No comments

Powered by Blogger.